Friday, December 14, 2012

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ගෙල සිරකෙට මරා දමලා


අභිරහසක් ලෙස මියගිය යාපනය සරසවි සිසුවියකුගේ මළසිරුරක් ඊයේ දින සොයාගෙන තිබේ. වැලිගාමම් ප්‍රදේශයෙහි ක්‍රීඩා අංශ නිළධාරියකුගේ දුවෙකු වන 21 හැවිරිදි නඩරාසා කියානි නැමැති සිසුවියගේ මළසිරුර මෙලෙස සොයාගෙන තිබේ. සුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ නිවසේදී මළසිරුර හමුවී තිබේ. නිවසේ සිට මව්පියන් එළියට ගිය අවස්ථාවේදී එම සිසුවිය පාඩම් කරමින් සිටි බවට පැවසේ. නමුත් දෙමව්පියන් නිවසට පැමිණි අවස්ථාවේදී එම සිසුවිය එලෙසම
තම මේසය මත මියගොස් තිබේ. ඇඳ ඇතිරිල්ලක රෙදි කඩක් ඇගේ ගෙල වටා තිබු බවත් ඒ අනුව ගෙල සිරකර සිසුවිය මරා දමා ඇතැයි යන්න මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

යාපනය සරසවියෙහි පළවැනි වසරේ සිසුවියකු වන ඇය මේදිනවල පැවතින පංති වර්ජනය නිසා සරසවියට නොගොස් තිබේ. ඇය නිවසේදීම රැඳී සිටි බවට දෙමව්පියන් පවසා තිබේ. මේදිනවල සරසවි පරිසරයෙහි පවතින නොසන්සුන් වාතාවරණයතුල එම සිසුවියගේ මරණය දැඩි කම්පනයක් ඇතිකර තිබේ.

No comments:

Post a Comment