Friday, December 14, 2012

හමුදාවට බදවාගත් දෙමළ තරුණියන්ට අමුතු ලෙඩක්


රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. මෙම රෝගාතුරු වූ තරුණියන් මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි.  මෙම තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී සිටින බවයි.

මෙම තරුණියන්ට දෙමව්පියන් හමුවීමට අවසර නොදුන් බවට දැඩි චෝදනාද එල්ලවී තිබුණි. අතර මෙම බදවා ගැනීමම බලහත් කාරයෙන් වූවක් බවද මීට පෙර වාර්ථා විය. තම දරුවන් බැලීමට ගිය දෙමපියන් පැවසූයේ මින් කිසි කලෙක තම දරුවන් මෙසේ රෝගාතුරවී සිටිනු නොදැක ඇති බවත්. ඔවුන් දැඩි මානසික ආතතියකින් පෙලෙන බවත් ප්‍රකශ කොට ඇත.

No comments:

Post a Comment