Tuesday, November 27, 2012

දෙමළ ජාතිකයන්ව හමුදාවට බදවා ගන්නේ බලහත්කාරයෙන් - TNA


ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.

හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදාව ප්‍රකාශ කරනා ලදි.


ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ඕනෑම තැනැත්තෙකුට ශ්‍රී ලංකා හමුදාවට බැඳිය හැකිව තිබියදී පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම නිසා මේ ප්‍රදේශවල ජනතාව හමුදාවට බැඳීමට චකිතයක් තිබුණි.

මෙසේ දෙමළ ජනයා හමුදාවට බදවාගෙන සිංහල ජනයා අතර ආණ්ඩුව ජනප්‍රියතාවයක් ගත්තද එහි යතාර්ථය අමිහිරි බව දෙමළ ජාතික සන්දානය පවසයි. යාපනයේදී දෙමළ ජාතිකයන්ව බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගෙන ඇති අතර  හමුදාවට බැඳෙන්නයි නිවසින් නිවසට ගොස් හමුදාව දෙමළ ජනතාවට බලපෑම් කරමින් සිටින බවට දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා තිබේ.

පුද්ගලයන්ව පිළිගත් ක්‍රියා අනුපිළිවල යටතේ හමුදාවට බඳවාගැනීම අවශ්‍ය බවද හෙතෙම පෙන්වාදී තිබේ.

No comments:

Post a Comment