Tuesday, November 27, 2012

ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට මහින්ද රාජපක්ෂ නෑ



මැලේසියාවේදී එළඹෙන මස 4වැනි දින සිට 6වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම්දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසා තිබේ.


නොවැළැක්විය හැකි හේතුවක් මත මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුවට සහභාගි නොවන බවට පවසා තිබේ. මලයාසියාවේදී
ලබන මස පැවත්වීමට නියමිත ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගි වන ලෙසට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර තිබුණි.
මෙවැති තත්වයත ශ්‍රී ලංකානු ජනපතිවරයා මැලේසියානු සමුළුවට සහභාගිවීමට විරෝධය පලකළ මැලේසියානු රාජ්‍ය නොවන ආයතන ඔහුට එරෙහිව විරෝධතා පවත්වන බවටද ප්‍රකාශකර තිබුණි.

කෙසේ නමුත් මැලේසියාවෙහි පාර්ලිමෙන්තු මහ මැතිවරණය පැවත්වීමට නියමිතව තිබෙන අතරවාරයේදී මැලේසියානු දෙමළ ජාතිකයන්ගේ ජන්දය නොලැබෙනු ඇතයි හේතුකොට මැලේසියානු රජය විසින්ම ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පැමිණීම අත්හිටුවා ඇතයි පැවසේ

No comments:

Post a Comment