Sunday, December 2, 2012

පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව පෙත්සමක්


පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව නොවැම්බර් 29 වනදාට යෙදුන ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලැබූ වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් ඊයේ (30) දවටගහපල්ලි අසළදී ක්‍රියාත්මක කර තිබේ.
මෙරට පලස්තීනයේ තානාපති ආචාර් අන්වර් අල් අගාර් මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල්
රත්නාක මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිට ඇත.
තවද සමාජවාදී තරුණ සංගමය විසින් 30 දින මුස්ලිම් පල්ලි අසල පලස්තීනයට එරෙහිව සිදුකරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව පෙත්සමක් අත්සන් කරන ලදි. කුරුණෑගල මහ පල්ලිය අසල කුරුණෑගල මුස්ලිම් තරුණ සංගමය හා ඒකාබද්ධව මෙම පෙත්සම අත්සන් කෙරුණ අතර රටපුරා අත්සන් කෙරුණ මෙම පෙත්සමට ඉහල ප්‍රතිචාරයක් තිබුණ අතර ඉහල ජන සහභාගීත්වයක්ද තිබුණි.









No comments:

Post a Comment