Friday, December 14, 2012

ඩලස් රෙදි අපුල්ලයි ශිරාණිගේ පුටුවත් මසකට වරක් හොදන්න වෙයි


රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය හැකිලෙමින් ඒකාධිපති පාලනයකට මාවත ගොඩනැගෙද්දී  වගකීමක් සහිත මිනිසුන්ගේ බුද්ධිමතුන්ගේ සිවිල් පුරවැසියන්ගේ නිදහස් අදහස් රට නිවැරදි මාවතකට ගැනීමේදී වැදගත් කමක් උසුලයි. ඒ අතර මෙම ඒකාධිපති ගමන තහවුරු කරන ඒ වෙනුවෙන් කඩේ යන ඒකාධිපති ගමන වෙනුවෙන් තමන් ජීවිතය තුල ගොඩ නගාගත් ප්‍රතිපත්ති පවා පාවා දෙමින් ඒකාධිපතියා ඔසවාතබන පිරිසක්ද බිහිවේ. ඒකාධිපතියා ඔසවාතබන තම ජීවන හරයන් ඒ වෙනුවෙන් පුද දෙන යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා ලගදී කල ප්‍රකාශ කිහිපයක් වැදගත් වන්නේ රෙදි සෝදද්දී ඇති ඕනෑම කුණු ජැරාවක් ඇපිල්ලීමට අපුල්ලන්නාගේ ඇති දක්ෂකම විදහාපානා බැවිනි.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විපක්ෂය විසින් ලබාදී ඇත්තේ දිරච්චි ලණුවක්.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිධූරයට පත්වුවහොත් එවකට සිටි විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් අගමැති පුටුව මාසයකට වරක් සේදීමට සිදුවන බව කිව්වා. 

එසේම වත්මන් අගවිනිසුරුවරියට ද විපක්ෂයේ දේශපාලනඥයින් විසින් හොඳම අගවිනිසුරුවරිය යැයි දිගින් දිගටම පවසන්නේ ඇයව මුලාවට පත් කිරීමටයි. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ද සිදුවුයේ මෙවැන්නක්, කලක් හොඳින් ඔහු ඇසුරු කළ ඇතැමුන් අවසානයේදී ෆොන්සේකා දමා ගියා.
ඇත්තෙන්ම ඩලස් මහතා නොකියා කියන්නේ මේවා විය යුතුය.
අගවිනිසුරු තුමියනි,
හමුදාපති සරත් ෆොන්සේකාට වුන වැඩේ මතකද? සරත්ට මග පෙන්නුවෙත් විපක්ෂය ඒ්ත් ආණ්ඩුවේ ගේම් එක දින්නා. අනෙක ඔය විපක්ෂය මතකද සිරිමාවෝ මැතිනියට බැනපු හැටි. මාසෙකට වරක් වෙන දේට පවා අපහාස කලා. අපි තාම එහෙම දේවල් කිව්වේ නෑ. ඒක නිසා වැඩේ අනාගන්නේ නැතිව ඒකාධිපතියා රකිමු. දිරච්ච ලණු කන්න එපා.

No comments:

Post a Comment