Wednesday, December 5, 2012

දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හමුවක්- ඒකාබද්ධ නිවේදනයක්


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන්ගේ ඒකාබද්ධ හමුවක්  (03) පස්වරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්විණි. 

ඒ අගවිනිසුරුවරිය විසින් දිවයිනේ සියලු දිසා අධිකරණ විනිශ්චයකාරවරු, මහ අධිකරණ විනිශ්චයකාරවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට අද දින රැස්වන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුවය. 


ඒ අනුව අද පස්වරු 3.00 ට පැවැත්වුණු මෙම හමුවීමෙන් අනතුරුව අදාළ විනිශ්චයකාරවරුන්ගේ සම්මේලනයන්හි නියෝජිතයින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. 

 
අදාළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ සඳහන් වේ. 
අගවිනිසුරුවරියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳ විනිසුරුවන් වන අපගේ අවධානය යොමුවී ඇත. අපට පෙනී යන පරිදි අගවිනිසුරුවරියගේ ගෞරවයත් අධිකරණයේ ගෞරවයත් කෙළෙසන ආකාරයේ මාධ්‍යය හැසිරීමක් දක්නට ඇත. 

එබැවින් එලෙස මාධ්‍ය මගින් අධිකරණයට කෙරෙන අපහාසාත්මක ප්‍රකාශ නතර කළ යුතු බවට අපි යෝජනා කරන්නෙමු. 

එසේම මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ පුද්ගලිකව අගවිනිසුරුවරියට පමණක් නොව පොදුවේ අධිකරණයේ ගරුත්වයට ද බලපාන බවද එමගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටීම තුළින් සිදුවන බරපතළ හානිය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. 

එසේම අගවිනිසුරුවරියට එරෙහිව සිදුකරනු ලබන පරීක්ෂණ අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුක්තව සිදුවිය යුතු බවට ද අපි යෝජනා කරන්නෙමු. 

තවද චෝදනා එල්ල කරන පාර්ශව විසින් චෝදනා විමර්ශනය කර තීරණයක් ලබාදීම සඳහා එම පාර්ශවයෙන් 7 දෙනෙක් ද අනෙක් පාර්ශවයෙන් 4 දෙනෙකුගෙන් ද යුක්ත මණ්ඩලයක් පත්කිරීම ස්වභාවික යුක්තියේ මූලධර්මයක් නිර්දය ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර ලෝකයේ කිසිම රටක චෝදනා එල්ල කළ පාර්ශව එම චෝදනා සම්බන්ධයෙන් තීරණය කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන්නට කැමැත්තෙමු. 

මේ රටේ අගවිනිසුරුවරිය එම ධූරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ලොවට පෙන්වන ආදර්ශය මෙයදැයි ප්‍රශ්න කිරීමට අපට සිදුවනු ඇත. 

මීට
මහ අධිකරණයේ විනිසුරුවන්ගේ සංගමය
 දිසා අධිකරණ විනිසුරුවන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය,
කම්කරු විනිශ්චය සභාවේ සංගමය. 

No comments:

Post a Comment