Saturday, December 8, 2012

ඊජිප්තුවේ බොදවුන විප්ලවය ජනාධිපති මෝර්සි වෙත අධි බලතල


ඊජිප්තුවේ ඉස්ලාම්‍වාදි ජනාධිපති මොහොමඩ් මෝසිට එරෙහිව දරුණු විරෝධතා රට පුරා පැන නැගෙද්දිත් එම විරෝධතා නොතකා එම අතිරේක බලතල පවරා ගැනිමටත් ව්‍යවස්ථාවේ යෝජිත සංශෝධන ඒ ආකාරයටම ඉදිරියට ගෙනයාමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සහ මෝසිගේ ආධාරකරුවන් දින ගණනාවක් තිස්සේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් කයිරෝ නගරය යුද පිටියක් බවට පත්කරමින් සිටිති. ජනාධිපතිවරයා වෙත අධි බලතල
පැවැරෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙසැම්බර් 15 දිනට නියමිත ජනමත විචාරණය මේ අනුව එදිනම නියමිත පරිදි පවත්වන බවද පෙරේදා ජාතිය ඇමතූ ජනාධිපති මෝර්සි අවධාරණය කර තිබේ.
බදාදා පැවැති ගැටුම් වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 644 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රද්ගලයන් 80 ක් අත්අඩංගුවට පත්ව ඇත. තම විරුද්ධවාදින් සමඟ අද සාකච්ඡා වකට එක්වීමට ජනාධිපති මෝර්සි තිරණය කර තිබේ. කෙසේවෙතත් විරුද්ධ පාක්ෂිකයන් මෙම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ප්‍රකාශක හුසේන් අබ්දෙල් ගානි පවසයි.

No comments:

Post a Comment