Saturday, December 8, 2012

අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත්කිරීම සදහා දැන් අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය හෝ ඉල්ලා අස්වීම


අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. 

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 ක් පිළිබඳ ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවේ අන්තර්ගතව පැවති
අතර එයින් චෝදනා 5 ක් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් විමර්ශනය කළ බව හෙතෙම කියා සිටියේය. 

ඒ අනුව එකී චෝදනා 5 න් 01, 04 සහ 05 යන චෝදනා තහවුරුවී ඇති බවත්, සෙසු චෝදනා දෙක සාක්ෂි නොමැතිවීම හේතුවෙන් විමර්ශනයට නොගෙන ඉවත් කළ බවත් හෙතෙම පෙන්වා‍ දෙයි. 

ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 තුළ සෙසු චෝදනා විමර්ශනයට නොගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

එසේම අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේ චෝදනා 5න් 3 ක් තහවුරුවී ඇති බැවින් ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට එය ප්‍රමාණවත් බවයි. 



ඒ අනුව ඇයට එරෙහිව ඉදිරිපත්වූ ප්‍රධාන චෝදනා 5 න් තහවුරු වූ බව කියන චෝදනා ත්‍රිත්වය පහත දැක්වෙන මුල් චෝදනා 5 න් වෙන්කර හඳුනාගැනීමට හැකිය. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ධුරයෙන් (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක්‌ ඉදිරිපත්කිරීම පිණිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) ව්‍යවස්‌ථාව ප්‍රකාර යෝජනාව, 

1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේ-මන්ට්‌, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් කම්පැනි සහ µsනෑන්ස්‌ ඇන්ඩ් ගැරැන්ටි කම්පැණි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශේ්‍රෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක්‌ විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුqල්ලෙන් ඉවත්කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්‌තුවක්‌ වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපළ සමාගම නමින් හැඳින් වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැණි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ටි්‍රලියම් රෙසිඩන්සිස්‌ නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරන ස්‌ථානයේ පිහිටි, ශේ්‍රෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරන නඩුවේ දේපළ ලැයිස්‌තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2 සී/එµa/84 සහ වරිපනම් අංක 153/1-2/4 දරන නිවස, ඔස්‌ටේ්‍රලියාවේ, බටහිර ඔස්‌ටේ්‍රලියා 6016 හි, මවුන්ට්‌ හෝකෝර්න්හි, එජිනා වීදියේ, අංක 127 දරන ස්‌ථානයේ පදිංචි රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස්‌ කේ. බී. අරෝෂි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගි කරගෙන රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්ද, 

2. ඉහත කී දේපළ මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500 ක මුදලක්‌ එම දේපළ මිලදී ගැනීමට පෙර එම දේපළ විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැණි ලිමිටඩ් සහ ටි්‍රලියම් රෙසිඩන්සිස්‌ සමාගමට මුදලින් ගෙවීමෙන්ද, 

3. එන්. ඩී. බී. බැංකුවේ, කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්‌වා කාලය තුළ රුපියල් මිලියන 34 ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද 

4. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක්‌ ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්‌සකට අධික සංඛ්‍යාවක්‌ පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන්ද 

5. දැනට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස්‌ හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසන් සභා පනත යටතේ අල්ලස්‌ සහ /හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතා සැකකරුවකු වන හෙයින්දá ඉහත කී අල්ලස්‌ හෝ දූෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිසන් සභාවේ සභාපති ධුරය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111ඈ (2) ව්‍යවස්‌ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්ද 


එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්‌ටර් සහ වෙනත් ලේඛන පරීක්‍ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඌ (3) ව්‍යවස්‌ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්ද 

ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස්‌ හෝ දූෂණ චෝදනාවලට අදාළ නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය නුසුදුස්‌සෙකු වන හෙයින්ද, අග්‍ර විනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්‌ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාම ඉෂ්ට කිරීම සඳහා බාධාවක්‌ වීම සහ යුක්‌තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්‌තිය ඉටුවීම පමණක්‌ නොව යුක්‌තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද, ......" 

අදාළ දෝෂාභියෝග චෝදනා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් ව තිබූ අයුරින්ම අප විසින් මෙසේ අපගේ පාඨකයින්ගේ දැනගැනීම උදෙසා සටහන් කළෙමු. 

මින් ඉදිරියට අදාළ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කුමක්වනු ඇත්දැයි අනාවැකි පලකිරීම අසීරු වුවද නෛතිකමය වශයෙන් සිදුවන්නේ තහවුරුවූ චෝදනා අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රමාණවත් යයි අදාළ තේරීම් කාරක සභාව තීරණය කරනු ලබන්නේනම් ඇය ඉවත්කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරවා ගැනීමයි. 

එසේ සම්මත කර ගැනීමෙන් පසු අදාළ යෝජනාව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන අතර ඉන්පසුව අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිය නෛතිකමය බලය යොදාගත හැකිය. 

ඉදිරි කලය තුල අගවිනිසුරුතුමියට ඉල්ලා අස්වීමට අදාල බලපෑම කිරීමට සූදානම් වන අතර ඒ සදහා ආණ්ඩුවේ සූදානම හොදින්ම දැක ගත හැකිය. මේ අනුව අගවිනිසුරුතුමියගේ තීරනාත්මක කාල පරිච්ජේදයක් ඉදිරියේ දැක ගත හැකි වන අතර රාජපක්ෂ වෛරයේ ස්වභාවය ජනතාවට හොදින් දැක ගැනීමට හැකි කාලයක් උදා වේ.

No comments:

Post a Comment