Saturday, December 8, 2012

බත්පතට කල සටන නිසා හරක්මස්, ගෝල්ඩන් සිරප් පාර්ලිමේන්තු බත් පතට


කාන්තාවන්ට ඇත්තේ හැදිමිටේ නුවනයැයි කථවක් තිබේ. එය ලෝකයේ අනික් රටවල කාන්තාවන්ට කියූ එකකි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවූයේ ලංකාවෙනි. පසුකලෙක ඇගේ දුව චන්ද්‍රකා බණ්ඩාරණායක මැතිණිය ශ්‍රී ලංකාවේ ජනාධිපති වූවාය. ඒ අතින් කාන්තාවන් ලංකාවේ දේශපාලනයේ ඉහල තනතුරු දැරීමේ ඉතිහාසයක් ඇත. මෑත කාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී කාන්තා චරිත කිහිපයකි. ශ්‍රී ලංකා අග්‍රවිනිශ්චයකරුද කන්තාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන
පබා දුවත් රෝසි දුවත් ඒ අතරින් කැපී පෙනේ. ජනතා ප්‍රශ්ණ කෙරෙහි සංවේදී මෙම චරිත මෑත කාලීනව පාර්ලිමේන්තු බත් පත වෙනුවෙන් සටන් කොට බත් පතට හරක් මස් හා ගෝල්ඩන් සිරප් දිනා ගත්තේය.
රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.

එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.


මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්‍රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

දැනට මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.

දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.

1 comment:

  1. මේ දෙන්නට තව හොද මස් පොල්ලකුයි,ඇට නැති සව් කෝප්පයකුයි දුන්න නම් හොදයි...

    ReplyDelete