Sunday, December 9, 2012

එප්පාවල දෛනික පොස්පේට් නිපැයුම දෙගුණ කරන්න ජනපති අණ කරයි


රටේ පවතින සියළුම ප්‍රශ්ණ වලට සංවේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතාට පසුගිය මාස කිහිපයක කලින් බැන වැදුනේ ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්රික් ටොන් 220ක ප්‍රමාණයක් බව පැවසූ විටයි.  ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාවෙන් 83%ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන අතර එම ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කිරීමලංකා පොස්පේට් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ඒ සදහා ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්රික්
ටොන් 220ක ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරන ලෙස ජනපතිතුමා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අණ කොට ඇත. වහාම ක්‍රියාත්මක වූ ඇමති තුමා  2012 මැයි මාසයේ දී රොක් පොස්පේට නිකුත් කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරනු පිණීස  නව අඹරනයක් සවි කරන ලද අතර ඉන් පැයකට මෙට්රින් ටොන් 10ක නිෂ්පාදනයක් සිදු විය. ඊට අමතරව ද්‍රාව්‍ය සුපර් පොස්පේට් නිපදවීම පිණිස සල්පියුරික් අම්ලය යොදා ගැනීමට ද කටයුතු කරන ලදි. ඒ අනුව නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කිරීමට කටයුතු කොට ඇත යනුවෙන්  රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබේ.
නමුත් ලෝකයේ භාවිතා කරන තාක්ෂණයන් අතරින් මේ ක්‍රමය සාර්ථක වී ඇත්තේ සියයට එකක් පමණකි. ලංකාවේ පර්යේෂකයින් විසින් මීට වියදම් අඩු ක්‍රියා මාර්ග  ඉදිරිපත් කලද ඒවාට එතරම් සැලකිලක් නැති අතර වියදම් අධික තාක්ෂණයන්  මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ  එයින් විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට හැකි වීම නිසයි.

දැනට රජය සහනාධාර ලෙස වී ගොවීන්ට ලබාදෙන ආනයනික පොහොර සඳහා රුපියල් මිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව වැය කරනු ලබන අතර නමුත් ආනයනය කරන ලද පොහොර වෙනුවට එප්පාවල රොක් පොස්පේට් හා  හයිග්‍රේට් එප්පාවල රොක් පොස්පේට් අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ලබාදෙමින් ශ්‍රී ලංකාව පොහොර ආනයනය සඳහා වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයා බැලීම නිසා සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කෝරළයේ පිහිටා තිබෙන පොස්පේට් නිධිය ලංකාවේ ජාතික සම්පතකි.වර්ග කි.මී. හතරක පමණ ප්‍රදේශයක පැතිර පවතින මේ නිධිය 1971 වසරේ දී  සොයා ගත් පසු එම නිධියෙන් රොක් පොස්පේට් සකස් කරලීම පිණිස1977 දී ලංකා පොස්පේට් සමාගම පිහිටුවන ලදී. වාර්ෂිකව එයින් පොහොර මෙට්රික් ටොන් 60000 ක් පමණ නිකුත් කෙරේ. මෙවැනි නිෂ්පාදනයකට නම් තව අවුරුදු 1500කට පොහොර ලබා දිය හැකි තත්වක් මෙහි ඇත. එම පොහොර පොල් රබර් වැනි දීර්ඝ කාලීන වගාවන්ට යෙදීමට නිර්දේශිතය. නමුත් ලෝකයේ මෙවැනි නිධි පවතින රටවල මේ ගල් භාවිතා කර ජලයේ ද්‍රාව්‍ය  පොස්පේට් තනනු ලබන බැවින් 1987 වර්ෂයේ දී රජය මෙම නිධිය ඇමරිකාවේ ප්‍රීපොට් මැක්මොරන් නම් සමාගමට බදු දීමට තීරණය කරන ලදී. ඔවුහු වසර තිහකින් මෙම නිධිය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන පොස්පේට් පොහොර නිපදවීමට සහ පිටරට පැටවීමට එකඟතාවය පළ කරන ලදී. නමුත් මහජන උද්ඝෝෂණයන් සහ එයට විරුද්ධව පවරන ලද නඩුව නිසා මෙම නිධිය විදේශිය සමාගමකට බදු දීම නැවතුණි. 

No comments:

Post a Comment