Thursday, December 27, 2012

මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න හැකි සමාජවාදයට පමණයි


අප රටේ බරපතල ආකාරයෙන් නැවතත් ජාතිවාදය,ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්‍රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.
ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් මෙම අත්පත්‍රිකාව බෙදාහරින බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්...
අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්බයානක ආකාරයෙන් නැවතත් ජාතිවාදආගම්වාද ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ. ලෙස මේ ප්‍රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගියජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්‍රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ.
අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිඛෙන ආර්ථීකදේශපාලනසමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිඛෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිඛෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමයමේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය අරඹයා කරන ප්‍රකෝපකිරීම් කිසිදා පරාජය කරන්න බැහැ. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝපකිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟියජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මේ අතර ජවිපෙ දේශපාලන මණ්ඩලය ‍රටේ පවතින ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්ණය පිළිබද ඉදිරිපත් කල ලියවිල්ල පහත පරිදි වේ.

ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙන ‍ලෙසත් සියලූ ජනතාව අතර සමඟිය ගොඩනැ‍ගෙන අයුරින් කටයුතු කරන ‍ලෙසත් ජනතා විමුක්ති ‍පෙරමුණ පවසයි.
එම පක්ෂ‍යේ ‍දේශපාලන මණ්ඩලය විසින් අද (23) නි‍වේදනයක් නිකුත් කරමින් ‍මේ බව පවසා ඇති අතර එම සම්පූර්ණ නි‍වේදනය පහත පළ‍වේ.
‘‘අපගේ ආදරණීය මව්බිමත් එහි වෙසෙන සිංහලදෙමළ,මුස්ලිම්බර්ගර්මැලේ ඇතුළු සියලූම ජනතාවන් මේ වනවිට ඉතාම බරපතළ සමාජආර්ථිකදේශපාලන අර්බුදයක අනිටු ප‍්‍රතිවිපාකයන්ට මුහුණදී සිටී. දිනපතා වර්ධනය වන මෙම අර්බුදයන්ගෙන් පීඩාවට පත්ව සිටින්නේ පොදු ජනතාවය.
එක් අතකින් බඩුමිල වැඩිවීම නිසා ජීවන බර වැඩිවෙද්දී වැටුප් වැඩි නොවීමආදායම් පහළ වැටීම නිසා පොදු ජනයා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව තිබේ. අනෙක් අතින් ආර්ථිකය බහුජාතික සමාගම්වලට ගිල ගැනීමට ඉඩ සලසා දීම නිසා දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාර කඩා වැටෙමින් තිබේ. තවත් අතකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට පත්කරමින් අධිකරණයට පවා අත තබද්දීමානව හිමිකම් ප‍්‍රශ්න හා අභ්‍යන්තර ගැටුම් දඩමීමා කර ගනිමින් අධිරාජ්‍යවාදී විදේශ බලවේග අපේ රටට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් තිබේ. එසේම රට තුළ අපරාධ වැඩිවෙමින් තිබේ. මෙම තත්වය තුළ අපේ රටේ සියලූ ජනතාව පීඩාවට හා දුෂ්කරතාවයට පත්ව තිබේ. ඒ අතර රට තුළ යළිත් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇවිළවීමේ ප‍්‍රවණතාවක්ද මතුවෙමින් තිබේ.
රටක් ලෙසජනතාවක් ලෙස අප මුහුණදී සිටින සැබෑ අර්බුදයන්ටඅභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා පීඩාවට පත් සියලූ ජනයා සමඟියෙන් කටයුතු කළ යුතු මොහොතක කුමන හෝ හේතුවක් මත ජනතාව අතර භේද හා ගැටුම් නිර්මාණය වන්නේනම්එවැනි ගැටුම්  හෝ භේද නිර්මාණය කිරීම සඳහා කුමන හෝ පාර්ශ්වයකින් කවුරුන් හෝ කටයුතු කරන්නේනම් එය මුළු සමාජයටම ඉතාම හානිකර වනු ඇත.
අපේ රටේ දශක ගණනාවක් තිස්සේ සිංහල-දෙමළ ජාතිවාදය ඇවිස්සීමත්ජාතිවාදී ගැටුම් හා කෝලාහල විටින් විට නිර්මාණය කිරීමත් නිසා අවසානයේ ජාතිවාදී හා බෙදුම්වාදී යුද්ධයකට පාර කැපුණ ආකාරය අප කිසිවෙකුටත් අමතක විය යුතු නැත. වසර 30කට වැඩි කලක් පැවති එම බෙදුම්වාදී යුද්ධයෙන් පීඩාවට පත්වූයේ තම බලය වෙනුවෙන් ජාතිවාදය වැපිරූ අය නොව සිංහල,දෙමළමුස්ලිම් සියලූ පොදු ජනතාවය. එම බෙදුම්වාදී යුද්ධයෙන් මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර විනාශ වූ දේපළ ප‍්‍රමාණය ගණන් බැලිය නොහැකි තරම්ය. එම බෙදුම්වාදී යුද්ධය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත්වීමට ඉන්දියාවත් අධිරාජ්‍යවාදී විදේශ බලවේග හා රාජ්‍යයනුත් යොදාගත් හැටි කිසිවෙකුට රහසක් නොවේ. විටෙක ඉන්දියානු හමුදා ආක‍්‍රමණයක් පවා සිදුවීමට එය හේතුවිය. වර්තමානයේදීත් අධිරාජ්‍යවාදී බලවේග ලංකාවට එරෙහිව මැදිහත් වීමට යොදාගනිමින් තිබෙන්නේ එම බෙදුම්වාදී යුද්ධයේ සිදුවීම්ය.
එවැනි ඛේදවාචකයකට මුහුණ දී එහි විනාශකාරී අත්දැකීම් සහිතව සිටින ජනතාවක් ලෙස යළිත් එවැනිම වූ ගැටුමකට ඉඩ නොදීම අප කාගේත් වගකීමය. ජාතිවාදය වැපිරීම නිසා නිර්මාණය වූ බෙදුම්වාදී යුද්ධයක අමිහිරි මතකය මැකී යාමටත් පෙර නැවත ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක් රට තුළ මතුවන්නේ නම් එය ඉතාම විනාශකාරී ප‍්‍රතිඵල ගෙනදෙනු ඇත. කුමන හෝ ආගමික අන්තවාදයකට ඉඩ නොතැබීමට සියලූම ආගම් අදහන ජනතාව වග බලාගත යුත්තේ ඒ නිසාය. ජනතාව අතර සමඟිය බිඳිනගැටුම් හා කෝලාහල නිර්මාණය වීමට ඉඩ සලසන ආගමික හෝ වෙනත්  ඕනෑම ප‍්‍රතිවිරෝධයකින් වාසි ලබාගන්නේ අධිරාජ්‍යවාදී විදෙස් බලවේග මිසප‍්‍රතිගාමී බලවේග මිසජනතාව පෙළන පාලක කණ්ඩායම් මිස අන් කවරෙක්වත් නොවේ.
අපේ රටේ ගොවි ජනතාව ඇතුළු පොදු ජනතාවට ඉඩම් හිඟයක් හා ඉඩම් පිළිබඳ ගැටලූ තිබේ. පොදු ජනතාවට ඉඩම් ලබාදෙමින් එම ප‍්‍රශ්නය සාධාරණව විසඳනවා වෙනුවට මෙරට පාලකයින් විසින් සිදුකරමින් සිටින්නේ රටේ වටිනා ඉඩම් අක්කර දහස් ගණනින් විදේශ බහුජාතික සමාගම්වලට ලබා දීමයවිකුණා දැමීමය. ලංකාවේ දේශීය නිෂ්පාදකයා හා දේශීය ව්‍යාපාරිකයා සිය කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි  අර්බුදයකට මුහුණපා තිබේ. එහෙත් දේශීය කර්මාන්තවලට සහන දියයුතු ආණ්ඩුව කරමින් සිටින්නේ  ඔවුන් මත බදුබර පටවමින්බහුජාතික සමාගම්වලට සහන ලබාදෙමින් ලංකාවේ කර්මාන්ත හා ව්‍යාපාර ගිල ගැනීමට ඒවාට ඉඩ දීමය.
අප ඉදිරියේ ඇති මෙම සැබෑ ප‍්‍රශ්න හඳුනාගෙන ඒවා පරාජය කරනවා වෙනුවට ඒවා දෙස නොබලා විවිධ ආගම් අතර හෝ ජන කණ්ඩායම් අතර භේද නිර්මාණය වන ලෙසගැටුම් නිර්මාණය වන ලෙස කවුරුන් හෝ කටයුතු කරන්නේනම් එය වාසි වන්නේ ජනතාවට නොව ප‍්‍රතිගාමිත්වයටය. ඉන් සැබෑ ප‍්‍රශ්න අමතක කරවීම හා ඒවායේ සැබෑ වගඋත්තරකරුවන් ආරක්‍ෂා කිරීමද සිදුවේ.
එබැවින් ජනතාව අතර සමඟිය බිඳිනආගම්වාදී හෝ ජාතිවාදී ගැටුම්වලට හා කෝලාහලවලට මඟ සලසන,අධිරාජ්‍යවාදී බලවේගවලට හා ප‍්‍රතිගාමීත්වයට වාසි සලසන කුමන හෝ වර්ගයක ආගම්වාදීජාතිවාදී අන්තවාදයන්ට ගොදුරු නොවීමටත් ඒවා පරාජය කරමින් සියලූ ජනතාව අතර සමගිය ගොඩනැගීමටත් අප කටයුතු කළ යුතුය.
දශක 3කට වැඩි ජාතිවාදී බෙදුම්වාදී යුද්ධයකින් බැටකා සිටින ජනතාවක් ලෙස තවත් එවැනිම ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබාහැඟීම්බරව නොව බුද්ධියෙන් කල්පනා කරමින්ජනතාව මුහුණ දෙන සැබෑ අභියෝග හඳුනාගෙන ඒවා ජයගැනීම සඳහාත් ඒ වෙනුවෙන්ම ජනතාව අතර සමගිය ගොඩනැගීම සඳහාත් සකී‍්‍රයව දායක වන ලෙස අපි සිංහලදෙමළමුස්ලිම්බර්ගර්මැලේ සහ බෞද්ධ,හින්දුඉස්ලාම්කි‍්‍රස්තියානිකතෝලික ඇතුළු සියලූම ශී‍්‍ර ලාංකේය ජනතාවගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
සියලූම ජාතිවාදයන් පරදවමු!
සියලූම ආගමික අන්තවාදයන් පරදවමු!
සියලූම ජනතාවන් අතර සමගිය ගොඩනගමු!''

No comments:

Post a Comment