Monday, December 24, 2012

බැසිල් රාජපක්ෂ නොසිටින්නට මේ කාලගුණික තත්වයෙන් රට විනාශ වනවා නියතය


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වයෙන් උන් හිටි තැන් අහිමිවූ සහ ආපදාවට ලක් වූ දහස් සංඛ්‍යාත පිරිස වෙනුවෙන් හදිසි සහන සැලසීමේ කඩිනම් වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය මගින් දැන් කි‍්‍රයාත්මක කරනු ලබයි. මොවුන්ගේ උපදෙස් නොලබන්නට අද රට විනාශයට පත්වී හමාරය. මෙම හදිසි ආපදා තත්ත්වයන් යටතේ දැනට ගංවතුරින් විපතට පත් පවුල් 82,687කට අයත් පුද්ගලයින්
328,913කට සහන කටයුතු අදාළ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන් හදිසි ආපදා කළමනාකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි අධීක්ෂනය හා උපදෙස් අනුව ක්‍රියාත්ම වේ. බැසිල් රාජපක්ෂ මහතා මෙහෙයවන ආර්ථික සංවර්ධන අමත්‍යාංශයේ මෙම නිලධාරින්ගෙන් ලැබෙන සහය සහ සහන හදිසි ආපදා තත්ත්වයන් සමනය කිරීම සඳහා සුදුසුම ක්‍රමය බව උසස්වීම් බලාපොරොත්තුවන රජයේ බොහෝ නිලධාරීන් ප්‍රකාශ කරමින් සිටී.

බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වූ යළි පිබිදෙමු ව්‍යාපෘතිය සහ දෙවන ප‍්‍රජා සංවර්ධන සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මඩකළපුව, ති‍්‍රකුණාමලය, වවුනියාව, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගාල්ල, මාතර, අනුරාධපුරය, පොලොන්නරුව, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ති‍්‍රක්ක 16 සඳහා මෙම සහන සැලසීම් ක්‍රියාත්මකය.

දැනට මෙම හදිසි ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 42ක් වන අතර අතුරුදහන් වූ සංඛ්‍යාව 9කි. අනතුරට පත් සංඛ්‍යාව 21කි. තාවකාලික කඳවුරු 174ක පවුල් 15,281ට අයත් පුද්ගලයින් 56,747ක් සිටින අතර ඔවුනට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විවිධ සහන ලබාදීමට සියලු කටයුතු යොදා තිබේ. එමෙන්ම අධික වර්ෂාවෙන් සහ දැඩි සුළඟින් නිවාස 6,216කට හානි සිදු වී ඇති අතර ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ද ආර්ථික අමාත්‍යාංශය මගින් අදාළ පාර්ශවයන් සමඟ ඒකාබද්ධව වැඩසටහනක් ද ඉදිරිපත් කර තිබේ.



1 comment:

  1. Undalawa parlimenthu yawala thiyenne ema kariyata thamayi.Egollange gedarin genalla neweyi mahajana mudal thama oya wiyadam karanne.Ehema nathnam api oya undalawa ochchara waraprasada deela nadaththu karanne ahawal kariyakatada?

    ReplyDelete