Thursday, December 27, 2012

ඉන්දියාව සහ රුසියාව අතර නව ආරක්ෂක ගනුදෙනුවක්


රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ගේ සංචාරයේ දී මෙම ගනුදෙනුව සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම ආරක්ෂක ගනුදෙනුව සිදුව ඇති බවත් එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අවි ආයුධ සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් උසුලයි. වසරකට බිලියන 10ක පමණ වෙළෙඳ කටයුතු දෙරට අතර සිදුවේ.

ඉන්දියාවේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සමඟ ඊයේ ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. එහිදි කලාපයේ ආරක්ෂාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Post a Comment