Thursday, December 6, 2012

අතීතයේ භාවිතා කළ සොහොන් භූමියක් ද නැතහොත් 71 හෝ 88-89 දී වූ සමූහ මිනී වළක් ද?


මාතලේ රෝහල් භූමියේ ඇති සමූහ මිනීවලෙන් මෙ වනවිට හිස් කබල් 24ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇති බවත් මිනිස් ඇටකටු තිබෙන ස්ථාන කිහිපයක් තවදුරටත් හඳුනාගෙන ඇති බවත් වාර්තාවේ.
මෙතෙක් කළ කැණීම්වලින් මතු කරගන්නා මිනිස් සිරුරු කොටස්වලින් සිරුරු පහක ඇටකටු මාතලේ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ ගොඩ ගන්නා ලදී.

තවත් පැහැදිලි සිරුරු 04ක් සහ හිස් කබල් හයක් මතුකරගෙන සියුම් ශරීර කොටස් තිබෙන ස්ථාන අංක යොදා සිතියම් ගත කර තිබේ.
මේ සමූහ මිනී වළේ ඇටකටු මතුකර ගොඩගැනීමට තවත් දින ගණනාවක් ගත වෙන බවත් මේ මළ සිරුරුවල ස්ත්‍රි පුරුෂ භාවය පිළිබඳව සහ අපරාධයකින් මරණයට පත්ව තිබේද යන්න පිළිබඳව තීරණයකට එළැඹිය හැක්කේ වෛද්‍ය පරීක්‍ෂණාගාරයකට යොමු කර සිදු කරන ලද විධිමත් පරීක්‍ෂණයකින් පසුව බවද විශේෂඥ වෛද්‍යවරුන් පවසති.
මේ මළ සිරුරු කීපයක දත් ඇඳි සහ දත් රැසක්ද තිබී ගොඩගෙන තිබේ. මළ සිරුරු කීපයක් කවාකාර හැඩයෙන් යුක්ත නිසා ඒවා ඉතාමත්  සියුම්ව මතුකර ගෙන සුරක්‍ෂිතව ගොඩට ගැනීමට කැණීම් සිදුකරන කණ්ඩායම දැඩි උත්සහායක නියැළී සිටින බව වාර්තා වේ.
මෙම අස්ථි දැඩි සේ දිරාපත්ව ඇති බවත් තවදුරටත් කැණීම් සිදුකරන බවත් පැවසේ.
හමුවූ අස්ථි කවර කාලයකට අයත් ද යන්න තවමත් ස්ථිර නිගමනයට එළඹ නැති නමුත් වසර 40කට පැරණි වියහැකියැයි කැණීම් ක‍ටයුතුවල නිරත නිලධාරීහු පවසති. කැණීම් කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.
1971 හමුදා වද කඳවුරක් මෙම ස්ථායේ පවත්වාගෙන ගියේයැයි යන පුවත ජනමාධ්‍ය මගින් පළවීමත් සමග එම ස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ. මේ වනවිටත් වි‍ශේෂ පොලිස් ආරක්ෂාවක් ඒ අවට යොදා ඇතැයිද පැවසේ. විශේෂයෙන්ම ඒ අවට කලාපය තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. 
කෙසේ නුමුදු මේ සම්බන්ධව විවිධ අදහස් මතුවන අතර අතීතයේ පැවති සෙහෙන් වලක්ද? එක්දහස් නවසිය පනස් ගනන්වලදී සිදුවූ හදිසි ආපදාවක් නිසා ඇතිවූ තත්වයක්ද 71 අරගලයේ හමුද වද කදවුරක්ද?  88 - 89 හමුදා වද කදවුරක්ද නැතිනම් අතීතයේ සොහොනක්ද යනුවෙන් තවමත් පරීක්ෂා කොට නොමැත.

No comments:

Post a Comment