Monday, December 24, 2012

මේ අධ්‍යාපන ක්‍රමය වැරදියි-බෙදුම්වාදයේ මුල පාසැලයි


බෙදුම්වාදයේ මුල පාසැල ඇතුළේ අධ්‍යාපන ක‍්‍රමය තුළ දක්නට ලැබෙන්නක් බවත් බෞද්ධ, මුස්ලිම්, දමිළ, කතෝලික, ඉස්ලාම්, හින්දු වශයෙන් මෙන් ම පිරිමි, ගැහැණු වශයෙන් පාසැල් බෙදා වෙන්කර ඇතැයි ද බෙදුම්වාදය මොන විදියට අර්ථ දක්වන්න උත්සාහ කළ ද බෙදුම්වාදයේ ආරම්භය සිදුවන්නේ ‍පාසලෙන් බව ද යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


මිලියන 20ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය සැතපුම් 25332ක වර්ගප‍්‍රමාණයක සිටිය ද භාෂා දෙකක් කතා කළ ද පුංචි දූපතක ජීවත්වන මිලියන 20ක් වන අපි අවම වශයෙන් එකිනෙකාගේ සහෝදර භාෂාව, සංස්කෘතිය පවා දන්නේ නැතැයි ද පැවසීය.

නාත්තන්ඩිය, ධම්මිස්සර ජාතික පාසලට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති 'දම් ආදි 2012' අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

No comments:

Post a Comment