Saturday, August 11, 2012

සමාජවාදී ජනතා පෙරමුණේ සමාජවාදයත්, ජනතාවාදයත් නෑ


නැගෙනහිර පළාත් සභාවට අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වදින සමාජවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇත. වාසුදේව නානායක්කාර ඩියුගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර යන අයගෙන් සැදුම් ලත් සමාජවාදී ජනතා පෙරමුණ නමින් මෙසේ නාම යෝජනා ලබාදී ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ සන්ධානය යටතේ සිටින සම සමාජ, කොමියුනිස්ට්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාශිංක පෙරමුණ යන පක්ෂවල එකතුවයි. මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ සමාජවාදී ජනතා පෙරමුණේ  චමින්ද පුෂ්පකුමාර සහ එම්.පී. අශෝකා
වයලට් යන අපේක්ෂකයන්ය.  ඔවුන් පවසන්නේ මෙම පක්ෂයේ නම සමාජවාදී වුනාට එහි සමාජවාදය නැති නිසා ප්‍රජාතන්ත්‍රවාදය සොයා එජාපයට ගිය බවයි. පංති සහයොගීතා දේශපාලනය වැලද ගත් පැරණි වමේ ක්‍රියාධරයින් තම පුද්ගලික පැවැත්ම වෙනුවෙන් සමාජවාදය පිළිබද ජනතා අදහස් විකෘති කිරීම තවමත් නවතා දමා නොමැත. 

1 comment: