Saturday, August 11, 2012

නඩු නැතිව රදවාගෙන සිටි තවත් LTTE සැකකරුවකුගේ අවසන් කටයුතු අද


වවුනියාව බන්ධනාගාරයේ ජුනි මස අගදී රජයේ සන්නද්ධ අංශ හා ගැටුණු දේශපාලන සිරකරුවන් අතුරින් තවත් අයෙක් අත්අඩංගුවේ දී මරුමුවට පත් විය. තිස් හය හැවිරිදි මරියදාස් නවිස් දිල්රුක්ෂන් වවුනියාව බන්ධනාගාරයෙන් ගෙන එනු ලැබ බන්ධනාගාර නිලධාරීන් විසින් රාගම රෝහලට ඇතුල් කරන ලද්දේ ජුලි මස මුලදී එතැන් පටන් ඔහු රෝහලේ රඳවා සිටියේ කෘතිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොටයි. යාපනය පාසෛයූර් හි පදිංචි කරුවකු වූ 36 හැවිරිදි දිල්රුක්ෂන් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2009 ඔක්තෝබර් මාසයේදීය.
නඩු පැවරීමකින් තොරවයි රඳවා තබා ඇති  මෙම පිරිස රජයේ ආයතනයක් තුල සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මසක් ඉක්මවා ගොස් තිබියදීත් වරද කරුවන් හට දඬුවම් පැමිණවීමට නොහැකි වී ඇත. මරියදාසන්
දිල්රුක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද යාපනයේදී සිදු වේ.

No comments:

Post a Comment