Saturday, August 11, 2012

ලයිට් නැතිව උසස් පෙළ සිසුන් අපහසුතාවයක


මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි අපහසු තාවයකට පත්ව ඇත. ඉදිරි දින කිහිපය තුළ වැසි නොලැබුණහොත් රන්දෙණිගල සහ වික්ටෝරියා ජලාශවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු අත්හිටුවීමේ අවධානමක් මතුවී ඇතැයිද එවිට විදුලිය කප්පාදු කාලය මීට වඩා ඉහල යා හැකි බව විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කරයි. ලක්විජය විදුලි බලාගාරය ඇණ හිටීම මීට ප්‍රධන හේතුව බවත් ඉදිකීරීමේ සිටම කොහොමටවත් මේ බලාගාරයේ තත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුනා,
මෙම බලාගාරය නිසි තැන ඉදිවුනේ නැහැ, නිසි කාලයට ඉදිවුනේ නැහැ, ඒ වගේම නිසි තාක්ෂණය ගන්න බැරිවුනා. මීට කලින් 1997 දි මෙතන ඉදිවෙන්න තිබුනෙ අන්තර් ජාතික සම්මතවලට අනුකූල බලාගාරයක්. අපිට ඒක නිසි ප්‍රමිතියට කරගන්න බැරිවුනා. ඒ අවස්ථාවෙ තමයි චීන රජයෙන් අපිට මේ කර්තව්‍ය ඉටුකරල දුන්නෙ. ඒ අදාල තාක්ෂණික තත්වයන් තවමත් පරිපූර්ණවෙලා නැහැ." යනුවෙන්ද ඇමති වරයා ප්‍රකාශ කරන ලදි.

කෙසේ නමුත් දිගින් දිගටම ලාංකීය ධනවාදයට උරුම වූ රටේ දූදරුවන් දැඩි අපහසුතාවයකට පත් කිරීම සීග්‍ර කරමින් සිටී. හරයෙන් දිරාපත්ව පෙනුමෙන් බෙරුවේ වංචාවේ මුකරි කමන් පවත්වාගෙන ගිය ධනවාදය මෙසේ අර්බුදයට යමින් පවතිද්දී විශාල සිසුන් ප්‍රමාණයක් මානසික රෝගීන් බවට පත් වෙමින් ඇතැයිද වාර්ථාවේ.

No comments:

Post a Comment