Wednesday, August 22, 2012

අධ්‍යාපනයේ අර්බුද මැද ජනපති සීෂෙල්ස් ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට බන්දුලව යොමු කරයි


අතිගරු මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දුන් උපදෙස් අනුව සීෂෙල්ස් ජනරජය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය අතර අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
 
    මේ යටතේ අදාළ රජයන් දෙක අතර පාසැල් අධ්‍යාපනය හා ඒ ආශ්‍රිත කාර්යයන්ට අදාළ වන මානව හා භෞතික සම්පත් සංවර්ධනය, අවශ්‍යතාවය හා හැකියාව පරිදි එකී සම්පත් හුවමාරු කරගැනීම, පුහුණු හුවමාරු අවස්ථා හා අධ්‍යයන චාරිකා සඳහා සහභාගීවීම යන කරුණු
සම්බන්ධයෙන් සහයෝගීතාවයක් පවත්වාගෙන යාමත් ඒ තුළින් පවතින සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹේ.



No comments:

Post a Comment