Tuesday, August 21, 2012

චීනයට විකිනෙන ඉඩම් ගැන ඉන්දියාව කලබලයෙන්


ඉන්දීය රජයේ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දුන් පෞද්ගලික සමාගමක්‌ සතුව තිබූ කොළඹ ගාලු පාරේ ඉඩම චීනයට විකුණන ලදැයි ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය චෝදනා කරයි.
චීනයේ ගුවන් යානා නිපදවන කැටික්‌ සමාගමට මෙම ඉඩම ලබා දී ඇති අතර ඉන්දීය  විදේශකටයුතු අමාත්‍යංශය මේ ඉඩම විකිණීම පිළිබඳ තම රජයේ අප්‍රසාදය නවදිල්ලියේ ඉන්දීය මහ කොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා වෙත දැනුම් දී ඇත.
ඉන්දියාවට නොදන්වා මෙම ඉඩම චීනයේ කැටික්‌ සමාගමට විකුණා ඇති බව හෙළිවීමෙන් පසු
ඉන්දියාව කලබල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඉඩමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට අධිකය.


No comments:

Post a Comment