Friday, February 3, 2012

සුදු වෑන් පැහැර ගැනීම් වේගවත් කරයි

lankahotnews.org
කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරාගේ සහෝදරයා වන ජානක ප්‍රභාත් නැමැත්තා මෙලෙස සුදුපැහැති වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවෙයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවරිදි වියේ පසුවූවෙකි.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුද සුදු පැහැති වෑන් රථයකින් පැහැ‍රගෙන
ගොස් පහර දී අතරමග දමා ගොස් තිබේ. විශ්ව විද්‍යාලයේ සිට නවාතැන්පළට යමින් සිටියදී පැහැරගැනීම සිදුව ඇති බව ශිෂ්‍ය සංගම් නියෝජිත කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියන් ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු ලෙස කටයුතු කළ දෙවන වසරේ සිසුවකු මෙසේ පැහැරගැනීමට ලක්ව ඇති බව ද එම හිමියන් පෙන්වා දුන්නේය. එසේ පැහැරගෙන ගොස් ඔහුට පහර දී මෙසේ අතරමග දමා ගොස් ඇත.

No comments:

Post a Comment