Friday, February 3, 2012

13 ප්ල්ස් කතාවෙන් අපේ 10,000 වැටුප් සටන යට යනවා

lankahotnews.org
ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන මහ සමුළුව ඊයේ (02) දින කොළඹ මහජන පුස්ථකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා සහභාගී වී ඇත.
මෙම සමුළුවේදී ලංකා තැපැල් සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස විජේරත්න මහතාත් එහි  සභාපති ලෙස ජයන්ත මහතාතත් පත් වූ බව වාර්තා වේ.
මෙහිද අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා පවසා ඇත්තේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නයට මුවා වී රටේ අනෙකුත් ප්‍රශ්න යට ගසා ඇති බවයි.
ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන මහ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් කේ.ඩී.ලාල්කාන්ත මෙසේ පවසා ඇත.
වැඩි දුරටත් ඒ මහතා පවසා ඇත්තේ "ඔය 13 ප්ල්ස් කතාවෙන් අපේ 10,000 වැටුප් සටන යට යනවා. පෞද්ගලික අංශ 40% ඒක යට යනවා. විභාග ප්‍රතිඵල වරද්දපුවා හැංගෙනවා. කැලණියේ ප්‍රශ්නේ හැංගුණා. තව ටික කාලෙකින් ආපහු පුළුවන් ඕන්නම් ආණ්ඩුවෙන් මේකට උත්තරයක් නෑ කියලා දෙමළ සමාජය ඇතුලේ ආයේ සටනක් පටන් ගන්න"

No comments:

Post a Comment