Wednesday, February 1, 2012

නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය


lankahotnews.org
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාය විසින් ඊයේ (30) කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී  නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පැවසීය.
එක් පෙරමුණක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝකබැංකුව ඇතුළු විවිධ අධිරාජ්‍යවාදී සංවිධානත් සමග ආණ්ඩුව අත්වැල් බැදගෙන සිටිනවා. ඒ පෙරමුණ අධ්‍යාපනය විකුනා දැමීමටයි සටන් කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පෙරමුණ නිදහස් අධ්‍යාපන අයිතීන් අනාගතයට රැකදීම සදහා පෙලගැසී සිටිනවා. ‍නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊට නායකත්වය ලබාදෙනවා. දැන් ඇවිලී තිබෙන්නේ මේ පෙරමුණු දෙක අතර සටන. එය ජයග්‍රහණය දක්වා ගෙනයාමට අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට සහභාගීවූ විද්වතුන් සහ වෘත්තිකයන් පළ කළ අදහස් පහත දැක්වේ.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දී සටන් කරණවා.
මෙම සමුළුව අමතා කථාකළ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම් කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් මෙසේ පැවසීය. 1940 දශකයේ සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනපනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනආවා. එය එතුමාගේ හුදු පෞද්ගලික අදහසක් නොවෙයි. මුළුරටේම සිංහල, දෙමළ, මුස්ළිම් ජනතාව අතර කරන ලද සංවාදයකින් ලබාගත් අදහස් අනුව සකස් කරන ලද පනතක්. අද 2012දී අපට නිදහස් අධ්‍යාපනය පිළිබදව දෙවැනි කතිකාවතක් ආරම්භකිරීමේ අවශ්‍යතාව පැණනැගිල තියෙනවා. නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිහිටවූයේ මේ කාරයභාරයට උරදී ජයග්‍රහණයකිරීම සදහායි.
අද වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතළලෙස බිදවැටිලා ප්‍රතිපාදන කප්පාදුව, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් විදේශගතවීමට ඉඩහැරතිබීම, විශය නිර්දේශවලට නව දැනුම එකතුකරමින් නව්‍යකරනය නොකිරීම වගේ බරපතළ තත්වයන් තිබෙනවා. පාසල් අධ්‍යාපනයේ විභාග ප්‍රතිඵලයවත් නිවැරදිව දෙන්නැතිත් තත්වයට බිදවැටිලා. උසස් අධ්‍යාපන ඇමති විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල, පාඨමාලා කියන සියල්ලටම බැණීමට තමන්ගේ ඇමතිකම කරගෙන. එස්.බී. ඇමතිවරයා ජනධිපතිවරයාට විතරක් බණින්නෑ. හැබැයි මහජනතාව ජනාධිපතිට බණිනවා. එස්.බී වන් ඇමතිවරුන්ට උසස් අධ්‍යාපනය බාරදීම ගැන.
අද අවශ්‍යවී තිබෙන්නේ පටු අරමුණු කල්ලිවාද පරාජය කර නිදහස් අධ්‍යාපණය රැකගැනීමේ උත්තුංග කාර්යභාර්යය වෙනුවෙන් දිවි නොතකා සටන්වැදීමය. ඊට නායකත්වය දීමට නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශපතකර කියා සිටිනවා.
සිතීමේ නිදහසට වැටකඩුලු
ජාතික විද්වත් වෘත්තික සංදයේ ලෙක්ම් විවෘත විශ්වවිද්‍යාලයේ ආචාරය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසූයේ, සීතීමේ නිදහස නැතිකරීම ලිබර් ධනවාදයේ එක් උපායමාර්ගයක් බවත් එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපනය සදහා දරන වියදම් වාර්ෂික දලදේශීය නිශ්පාදිතයෙන් 1.9%ක් පමණ දක්වා කපා හැර ඇති බවද යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශයවී ඇත්තේ එය 6%ක මට්ටමේ පවත්වාගෙන යායුතු බව පෙන්වා දුන්නේය.
විශේෂඥ වෛද්‍ය උපාධීයත් බාල්දු කරනවා
පෞද්ගලික වෛද්‍ය විධ්‍යාලවලට විරුද්ධ සංවිධානයේ වෛද්‍ය ඉදුනිල් විජේනායක මහතා මෙහිදී පැවසූයේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට පමණක් නොව නිදහස් අධ්‍යාපනය විකිනීමට එරෙහිව ඇතිවන ඕණෑම අරගලයකට තම සංවිධානය කොන්දේසි විරහිතව සහයෝගය දෙනබවය. මෙවැනි සහයෝගය දැක්වීම් නිසා ප්‍රගතිශීලී බලවේගවලට එරෙහිව මර්ධනය මුදාහැරීම හෝ නැතිනම් අභ්‍යන්තර ගැටුම් ඇතිකර දුර්වල කිරීමට පාලකයන් උත්සාහ දරන බව කීය. මෙයට පෙර පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහිවූවන් නිහඩකර හෝ වරප්‍රසාද ලබාදී පක්ෂපාතීත්වය ලබාගනිමින් සිටින බවද පෙන්වාදුන්නේය.
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීමේ පාඨමාලා වලටද දේශපාලන බලපෑම් කර තිබෙනවා. පස්චාත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයට විවිධ බලපෑම් කර අඩු සුදුසුකම් තිබෙන මුදලට වෛද්‍ය උපාධීය ලබාගත් අයට විශේෂඥ පුහුණුව ලබාදීමට කටයුතු කරමින් තිබෙන්නේයයිද මෙය රටේ මහජනතාවගේ ජීවිත අනතුරට හෙලන බරපතල ක්‍රියාවක් බව පෙන්වා දුන්නේය.
වෙලදද්‍රව්‍ය වෙනුවට අධ්‍යාපණය විකුණනවා
නිදහස් අධ්‍යාපනය සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී මග හිටියොත් තෝනසී ගෙදරගියොත් අඹුනසී යන තත්වය මතුනොවන ලෙස ක්‍රියාකිරීම අත්‍යාවශ්‍ය බව විවෘත්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේ. ශ්‍රියානන්ද මහතා පැවසීය. ලෝකවෙලදාම සම්බන්ධයෙන් ආධිපත්‍යය ගැට් සංවිධානය විසින් දරනුලැබූ කාළයේදී මූලික අවධානය යොමුකළේ වෙළද ද්‍රව්‍ය විකිනීම සම්බන්ධව. නමුත් මේ වන විට ලෝක වෙලද සංවිධානය (WTO) ආධිපත්‍යය දරන නව ලිබරල් තත්වය තුල සේවා විකිනීම කෙරෙහි මූලික අවදානය යොමුකර තිබෙන බවද අධ්‍යාපණය විකිනීමේ ක්‍රියාවලිය ලංකාවේ ආරම්භ වන්නේ මෙම පසුබිම මතයැයි ආචාර්ය වරයා පෙන්වා දුන්නේය.
ඇමතිට අසීමිත බලතල
ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවාදය සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය නියෝජනය කරමින් විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය කමීනා ගුණරත්න මහත්මිය මෙසේකීය. මේ වන විට ආණ්ඩුව සකස්කර තිබෙන විශ්වවිද්‍යාල ප්‍රමිතිගතකිරීමේ පනත මගින් ඇමතිවරයාට විශාල බලතල ලැබෙන බවත් ඒ අනුව විශ්වවිද්‍යාලවලට නියෝග ලබාදිය හැකි බවත් කීය. එහි තිබෙන අනතුර යම් විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් පවත්වාගෙන යන්නේද නවතා දමන්නේද යන්න තීරනයකිරීමේත්, නව පාඨමාලා හදුන්වාදීමේත් අත්නෝමතික බලය ඇමතිවරයාට පැවරෙන බව හෙලිකළේය. පවතින විශ්වවිද්‍යාල පනත අනුව උසස් අධ්‍යාපන ඇමතිවරයාට හැකිවන්නේ යම් කරුණක් සම්බන්ඹයෙන් විශ්වවිද්‍යාලයකට ලිකිතව උපදෙස්දීමට පමණක් බව ආචාර්ය වරිය කීය.
කොම්පියුටරයක ඇණයක් ගැලවීම අධ්‍යාපනය නෙවෙයි
විශ්වවිද්‍යාල පරිසරය තුල ජීවත්වෙමින් දැනුම සහ අත්දැකීම් එකතුකරගනිමින් උපාධියක් ලබාගන්නවා වෙනුවට ටියුෂන්කඩයක් වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාගන්නා උපාධීයේ ගුණත්වය හීණයි. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ උපාධිකඩවලට ලයිසන් දීමටයි. ඒ අනුව උපාධිකඩවල මට්ටමට රාජ්‍යවිශ්‍යවිද්‍යාලවල උපාධියත් හීනකිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනබව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
මේප්‍රශ්නය සරල විදිහට අරගෙන බෑ. අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි මැදිහත්වියයුත්තේ තිබෙනවාට වඩා ඉහලට ඔසවාතැබීමේ අරමුනීන්. රජයේ පාසල් හා විශ්වවිද්‍යාල වෙනුවට අධ්‍යාපනය විකිනීමෙන් පිහිටිවනු කඩවලින් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්නෑ. රජයේ අධ්‍යාපනයට පෞද්ගලික අධ්‍යාපනය කිසිසේත්ම ආදේශකයක් නෙවෙයි. කොම්පියුටරයක නට් එකක් ගලවන එක අධ්‍යාපනය නෙවෙයි. අධ්‍යාපනය කියන්නෙ ශිෂ්ඨාචාරයක්. උපාධිකඩ හෝ වෙනත් අධ්‍යාපන කඩ ඇති කිරීමෙන් ශිෂ්ඨාචාරයක් ගොඩනගන්න බෑ. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ රගල කරන සංවිධාන ටියුශන් කඩවලටත් විරුද්ධවියයුතු බව මගේ අදහසයි.
ඕපාදූප නීතිගතකිරීම අධ්‍යාපනයටත් ඇවිත්
ඕපාදූප කථා රාජ්‍ය අනුග්‍රහයෙන් පතුරුවාහැර පසුව ඒවා පනත් මගින් නීතිගතකිරීමේ තත්වයක් දැන් පවතින බවද අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමණකරමින් සිටින්නේද මෙම න්‍යාය බව සෞන්ධර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවසීය. අධ්‍යාපනය යුනු අලෙවිකළහැකි භාණ්ඩයක් බවට පත් කර කළාව හා සෞන්දර්ය විශයන් කප්පාදුකරමින් තිබෙන බව ද මේනිසා විශේෂයෙන්ම සෞන්දර්ය අධ්‍යාපනයට කණකොකා හඩමින් සිටින බව ආචාර්යවරයා කීය.

No comments:

Post a Comment