Wednesday, February 1, 2012

ප්‍රථමයෙන් ආන්ඩුව සමග එකගතාවය, ඉන්පසුව තේරිම් කාරක සභාවට නියෝජිතයින්


lankahotnews.org
රජය සමඟ සිදුකරනු ලබන සාකච්ඡා සඳහා එකඟතාවයකට පැමිණෙන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයෙකු පත් නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් වෙනත් සාකච්ඡාවලට ද ‍තම පක්ෂය සහභාගී නොවන බව එම සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.


ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවිමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(30) ප්‍රකාශ කළේය.

එහෙත් අදාළ සාකච්ඡාවට තම පක්ෂය සහභාගී වීමට අපේක්ෂා නොකරන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

දෙසැම්බර් මස 01 වන දින තේරීම් කාරක සභාවට නම් යෝජනා කරන ලෙස රජය ඉල්ලා සිටිය ද, සාකච්ඡාවලින් එකඟතාවයකට පැමිණි පසු නම් යෝජනා කරන බවට දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය රජය පිළිගත් බව ඔහු පෙන්වාදුන්නේය.

එවන් තත්ත්වයක් මත එම ස්ථාවරය රජය වෙනස් නොකළ යුතු බවත්, අදාළ එකඟතාවයෙන් පසුව තේරීම් කාරක සභාව සඳහා පත්කිරීම් සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය‍.

එම එකඟතාවයන්ට පටහැනිව ක්‍රියා නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද එම්.සුමන්තිරන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

No comments:

Post a Comment