Wednesday, February 1, 2012

ආසන පටි නොපළඳින රියදුරන්ට එවේලේම දඩුවම් දෙන්න ජනපති පොලිස්පතිට නියෝග කරයි


lankahotnews.org
ආසන පටි නොපළදින රියදුරන් උසාවියට ඉදිරිපත් නොකර එම ස්ථානයේම දඩුවම් ලබා දිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

දැනට පවතින නීතියට අනුව ආසන පටි පැළඳ නොයාම සම්බන්ධයෙන් වැරදිකරුවන් අධිකරණයට
ඉදිරිපත් කරනු ලබයි.

එම නීතිය සංශෝධනය කර අදාල වැරැද්ද සඳහා දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිතුමා වෙත අණ කොට ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා විසින් ප‍්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සමඟ සාකච්ඡා කොට නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේන් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය..

ආසන පටි පැළඳවීමේ නීතිය අනිවාර්ය වන අතර එම නීතිය ඉදිරියටත් ක‍්‍රියාත්මක වේ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

1 comment:

  1. පටි දා ගත්තේ නැත්නම් හානියක් වෙන්නේ තමන්ටමනේ රජතුමනි. එතකොට අර තුන් දෙනෙක් මරපු ඇමති ඥාති පුතාට මොකද කරන්නේ? කියපන්කො ඒකවත් ලකප් කරන්න කියල. උඹේ සෝබන වැඩ!

    ReplyDelete