Friday, February 17, 2012

සිමෙන්ති, මීටර් ටැක්සි ගාස්තු ඉහලට මාළු, දුම්රිය,ජල ගාස්තු වැඩි නොකරන බවට පම්පෝරි


lankahotnews.org
තෙල්, විදුලිය වැඩි වී ජනතාව පීඩාවෙන් සිටිද්දී සිමෙන්ති මිල ඉදිරි දෙසතිය තුළ ඉහළ දැමීමට සිදුවන බවත් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත් ජාතික සමුපකාර මණ්ඩලය පවසයි. එම නිසා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයිද රජය පවසයි.


මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා මීටර් ටැක්සි සේවා සංගමය පැවසූයේ මීටර් ටැක්සි කිලෝ මීටර්යක් සඳහා අය කළ ගාස්තුව රුපියල් 2කින් වැඩි කරන බවයි.

විදුලි ගාස්තුව හා ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදුවී ඇති බවත් නමුත් ජල ගාස්තු ඉහළ නැංවීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ නොවී සිටීමට දැඩි අධිෂ්ඨානයක් ඇති බව වැඩි දුරටත් අදහස් දැක්වූ ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඩීසල් මිල ඉහළ නැංවීමත් සමග සියලුම බස් ගාස්තු ද 20% න් ඉහළ නැංවුනද දුම්රිය ගාස්තුවල ඉහළ නැංවීමක් කිසිසේත් සිදුනොවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

ඉන්ධන මිල ඉහල ගියත් මාළු මිලේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.  මෙවන් තීරනාත්මක මොහොතකත් සමහර මාළු වර්ගවල මිල අඩු
කල බවත් ඉදිරියෙදී පාරිභෝගිකයා ගැන සිතමින්ම මාළු මිල  එලෙසින්ම පවත්වාගෙන යන බව අමාත්‍යංශය පවසයි.

No comments:

Post a Comment