Friday, February 17, 2012

ඉන්දියාව බටහිර සමග LLRC වාර්ථාවට UNP සහායත්


lankahotnews.org
උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාව ඉදිරිපත් වීමත් සමග ඉන්දියාව හා බටහිර ඊට සහාය පලකරමින් එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කළේය. උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් දේශීය විසඳුමක් කරා යා හැකි බවත් ඊට අවශ්‍ය සහයෝගය
ලබාදුන්නද, ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය සහය ලබාදිය නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවක් අමතමින් කියා සිටියේය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
“වාර්තාව පිලිබඳ ප්‍රතිචාරය මම පළමුකොටම ජනාධිපතිතුමාට ලිඛිතව යැවුවා. ඒ ලිපිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. අපි මේ කොමිෂන් වාර්තාවේ අඩුපාඩුකම් පෙන්වලා දුන්නා. අඩුපාඩුකම් පෙන්නල දුන්නත්, මේ වාර්තාව පදනම් කරගෙන දේශීය විසඳුමකට යන්ට පුලුවන් කියලා අපි සඳහන් කරල තියෙනවා. චැනල් ෆෝ හෝ ඊට අමතර අනෙක් පරීක්ෂණ පිලිබඳ අපි එකඟ වුණා. අපි එකඟවෙලා ඒක ඉදිරියට ගෙනයෑමට අපි එකඟත්වය ප්‍රකාශ කළා.
එසේම අපි විශේෂයෙන් ඉදිරිපත් කරගෙන යන්නේ ඩිමොක්ක්‍රසි ප්ල්ස් කියන වැඩසටහනට. ඉතින් මෙහෙම අවස්ථාවකදී අපි ප්‍රතිචාරය දීලා, එල්.එල්.ආර්.සී.කොමිසම අනූව වැඩකරනවා නම් දේශීය විසඳුමක් සොයාගන්න පුළුවන්. ඒත් ඒ කරන ගමන් අපිට ආණ්ඩුවේ පැවැත්මට සහයෝගය දෙන්න බැහැ. බඩු මිල වැඩිකරලා, දැන් කොහොමත් ජීවත්වෙන්න අමාරුයි නොවැ. එහෙම අවස්ථාවකදී ආණ්ඩුවේ පැවැත්මට නම් අපිට සහයෝගය දෙන්න බැහැ.”

No comments:

Post a Comment