Thursday, February 9, 2012

දැයට කිරුළ දින දෙකකින් දීර්ඝ කිරීමට ජනපති අණ කරයි


lankahotnews.org
අනුරාධපුර - ඔයාමඩුව ප‍්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කර තිබෙනවා. දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය ලබන 10 වැනිදා අවසන්වීමට මීට පෙර නියමිතව තිබුණ ද පාසල් දරු දැරියන් සහ ජනතාව ප‍්‍රදර්ශනය නැරීඹීම සඳහා දක්වන උනන්දුව මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. පසුගිය 4 වෙනිදා ආරම්භ වූ දැයට කිරුළ ප්‍රදර්ශනය මේ වන විට ලක්ෂ 12කට අධික පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වේ.
අද දින ඊයේ තරම් සෙනගක් වාර්ථා නොවූ අතර ප්‍රදර්ශණ කුටි තබා ඒවා දැක බලා ගත නොහැකි වූ පිරිස් ඉබාගාතේ ඇවිදින දසුන් හා
ඒවාට බැන වදින අයුරුද ඔයාමඩුවේ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.  රජයේ අමාත්‍යංශ කුටි බොහොමයකට ජනතාව නොපැමිණෙන අතර විශාල මුදල් සම්බාරයක් අරමුණකින් තොරව විනාශ වීම ගැන රාජ්‍ය මාධ්‍ය කිසිදු සදහනක් නොකලද සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටන නිසා පිච්චෙන පෙට්‍රල් හා අපතේ යන මිනිස් පැය ප්‍රමාණය ගැන නිරවුල් වාර්ථාවක් ඉදිරිපත් කිරීමට රජයේ මාධ්‍ය සමත් විය.

No comments:

Post a Comment