Thursday, February 9, 2012

පේරාදෙණිය සිසුහු මහනුවර විරෝධයක එස්.බී. භාෂා වෙනසක


lankahotnews.org
පේරාදෙණිය සරසවියේ සිසුන් මහනුවර නගර මධ්‍යයේ අද(08) උද්ඝෝෂණයක නිරත විය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පේරාදෙණිය සරසවි සිසුන් තිදෙනා නිදහස් කිරීම, පන්ති තහනමට ලක්ව සිටින ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ පන්ති තහනම ඉවත් කිරීම හා සමස්ත ශිෂ්‍ය මර්දනය
නතර කිරීම යන ඉල්ලීම් වූ අතර උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබූ මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසා තිබුනේ විශ්වවිද්‍යාල පාඨමාලා සහ භාෂා මාධ්‍ය වෙනස් විය යුතුව ඇති බවයි. දැන් පවතින විශ්වවිද්‍යාල ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් කරන්න ඕනෑ නම් ඒ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරලා මේ අවශ්‍ය දේවල් කිරිම අත්‍යාවශ්‍ය වෙනවා ඉදිරි කාලයේ අපේ විශ්වවිද්‍යාලවලට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් එහෙම තර්ජනයක් තියෙනවානම් ඒක නීතියකින් නවත්වන්න පුළුවන් ඒකට නීතියක් දාන්න පුළුවන්. හැබැයි අපේ විශ්වවිද්‍යාලවල පාඨමාලාව වෙනස් වෙන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාලවල භාෂා මාධ්‍ය වෙනස් වෙන්න ඕනේ. සිංහලෙන් උගන්නලා දෙමළෙන් උගන්නලා අපේ උපාධිධාරියෝ එළියට දැම්මට උන්ට රස්සා නැහැ. උන් සිකුරිටි කරයි. අර ඉංග්‍රීසියෙන් ඉගෙනගත්තු උපාධිධාරියෝ වැඩ 2ක් පාස් වෙලා ගිහිල්ලා ඉගෙන ගත්තු විධායක ශ්‍රේණියේ තනතුරු දරයි”.

No comments:

Post a Comment