Thursday, February 9, 2012

සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් 'නිමේෂා දුව' ගැන අනුර කුමාර ප්‍රශ්ණ කරයි


lankahotnews.org
සෝමාලියානු කොල්ලකරුවන් විසින් රඳවා තබාගෙන ඇති 'නිමේෂා දුව' ධීවර යාත්‍රාවේ සිටි  ්‍රී ලාංකික ධීවරයින් පිරිස මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කුමක්දැයි  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි.
ඔහු ඉදිරිපත් කල සම්පූර්ණ ප්‍රශ්ණය මෙසේය.

ගරු කථානායක තුමණි,

සෝමාලියානු  මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද ධීවරයින් කෙරෙහි මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

අප රටේ ජාතික නිෂ්පාදනය සඳහා ධීවර ෙක‍ෂ්ත්‍රය විශාල දායකත්වයක් සපයයි. ඔවුන් රටේ ආර්ථීකය කෙරෙහිත් ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සඳහාත් කරනු ලබන මෙහෙවර සුවිශේෂයි. එම කාර්ය ඔවුන් විසින් ඉටුකරනු ලබන්නේ විශාල දුෂ්කරතාවයන්ට හා අභියෝගයන්ට මුහුණ දෙමිනි. ඒ අතර ප්‍රධාන වශයෙන් වර්තමානයේ ඉන්දියානු රජයේ මැදිහත්වීම හා ඉන්දියානු ධීවරයින්ගේ ධීවර කටයුතු ලාංකීය ධීවරයන් කෙරෙහි විශාල බලපෑමක් සිදුකරමින් තිබේ. විවිධ අවස්ථාවලදී ඉන්දියානු රජය විසින් ලාංකීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම, සිරගතකිරීම සිදුකර ඇත. එමෙන්ම ලංකාවේ මුහුදු සීමාව තුළ නිදහසේ ඉන්දීය ධීවර කටයුතු කිරීමට ඉඩලබාදීම හා ඔවුන්ගේ විශාල ට්‍රෝලර් යාත්‍රා හේතුවෙන් අප ධීවරයින්ගේ දැල් ආම්පන්න පවා විනාශවීමේ තත්වයක් උදාවී ඇත. විවිධ අවස්ථාවල සිදුවන කාළගුණ විපර්යාසයන් හේතුවෙන්ද ධීවර ජනතාවගේ ජීවිත පවා අහිමීවී ඇත. මෑතකාලයේ දකුණු මුහුදු තීරයේ සිදුවූ ව්‍යසනය හේතුවෙන් ධීවරයින් පිරිසක ජීවිත අහිමිවූ අතර තවත්  ධීවරයින් පිරිසක් අතුරුදහන්ව ඇත. දැල් ආම්පන්න බෝට්ටු ඇතු`ඵ ධිවර ජනතාවගේ විශාල සම්පත් ප්‍රමාණයක් ද විනාශවිය.

ධීවර ජනතාව තම රැකියාවේ නිරතවීමේදී මුහුණදීමට සිදුවන මේ ආකාරයේ දුෂ්කරතාවයන් රැසක්ය. ඔවුන්ගේ ජීවිත, දේපළ පවා අහිමිවූ අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇත.

ගරු කථානායකතුමනි.

මෙම ගැටලූ මෙසේ පවතිද්දී ධීවරයින් පිරිසක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් 27 වනදා මුහුදුගිය කටානේ ඩබ්. ශාන්ත සෙබස්තියන් ප්‍රනාන්දු (31), කළුතර දකුණු මෝදර තිදරු පියෙකු වන එස්. කේ. වීරසේන සිල්වා, මොත්තුතුඩාව මදුරන්කුලියේ එස්. දිනේෂ් සුසන්ත ප්‍රනාන්දු (29) මීගමුව උතුරු පිටිපන දූපත් අංක 01 ඩබ්. ෙජ්. ලෙයොන් රොද්‍රිගු (27) මීගමුව උතුරු පිටිපන දූපත් අංක 02 හි පී සෙල්වරාජන් (43) සහ මීගමුව පිටිපන බසියාවත්ත පල්ලිය අසල ඩී. ජූඩ් නිහාල් ප්‍රනාන්දු (28) යන මෙම ධීවරයින් පිරිස හා බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන මාස පහකට ආසන්න කාලයක් රඳවාගෙන සිටිති. ඔවුන් මුදාහැරීම සඳහා විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බව මාධ්‍ය තුළින් වාර්තාවිය. ඔවුන්ගේ ඥාතීන් සහ බහුදින යාත්‍රාවේ හිමිකරු මෙම ධීවරයින් පිරිස නිදහස්කර ගැනීම සඳහා එවැනි කප්පම් මුදලක් ගෙවීමට හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළ බවද වාර්තා වේ. එම හේතුවෙන් මෙම ධීවරයින්ගේ පවුලේ උදවියත් අනෙකුත් ධීවර ජනතාවත් විශාල මානසික පීඩාවකට ලක්ව සිටිති. මොවුන් මෙසේ දුෂ්කරතා විඳිමින් මුහුදු රැකියාව තෝරාගනු ලැබූවේ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට වුවත් ඔවුන් අපගේ රටේ පුරවැසියන්ය. මෙරටෙහි දළදේශීය නිෂ්පාදිතය ශක්තිමත් කිරීමට උරදෙන්නේ ඔවුන්ය. ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණනය කර ඇතැයි පවසමින් ඉවත බලා සිටීමට අපට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ හෙයින් වහාම රජය මේ කෙරෙහි අවධානය යොමු කොට එම ධීවර පිරිස නිදහස්කර ගැනීම සදහා කටයුතු සැලසිය යුතුය. මේ පිළිබඳව ගරු සභාවේ අවධානය යොමුකරන අතර පහත ප්‍රශ්න කෙරෙහි ධීවර අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙනු ඇතැයි බලා පොරොත්තු වෙමි.

01. මෙම ධීවර පිරිස නිදහස්කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික ලෙස ගෙන ඇති පියවර කවරේද?

02. මෙයට පෙර මෙවැනි කප්පම්කරුවන් විසින් පැහැරගන්නා ලද ධීවරයන් නිදහස් කරගෙන තිබේද? ඒ සඳහා ගන්නා ලද පියවර කවරේද?

03.මීට පෙර ගන්නාලද පියවර අනුගමනය කරමින් මෙම ධීවර පිරිස නිදහස් කරගැනීමට කටයුතු කරනවාද ?

No comments:

Post a Comment