Tuesday, February 7, 2012

සරත් ෆොන්සේකා ඇතුළු සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරනන්න

lankahotnews.org
ෆොන්සේකා මහතා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කර ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බව, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව විසින් 06 දින කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්  විජිත හේරත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ අනෝමා ෆොන්සේකා මහ?්මිය එක්ව සිටියා.


එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලි මේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා

පසුගිය ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ලබන පෙබරවාරි මස 8 වැනිදට වසර දෙකක් ගතවෙනව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනාධිපතිවරණයට තරග කරපු ෆොන්සේකා මහතාව ආණ්ඩුව විසින් සිරගත කලා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉදිරිපත් වුන පොදු අපේක්ෂකයාව දැන් වෛරී දේශපාලනයේ සෘජු ඉලක්කය බවට ආණ්ඩුව පත්කරල තියෙනව. ෆොන්සේකා මහතා සතු දේශපාලනය කිරීමේ අයිතිය පැහැරගෙන ඔහුව සිරගත කරල දේශපාලනය කිරීමේ අයිතිය පැහැරගෙන තියෙනව. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලි‍ම් යන සියළු දෙනාට තියෙනව දේශපාලනය කිරීමේ අයිතියක්. ඒක මූලික මානව අයිතියක්. 64 වැනි නිදහස වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරල දැයට කිරුළ පවත්වනව. සරත් ෆොන්සේකා මහතාට කටු ඔටුන්නක් පළදවල තමයි මේව පවත්වන්නෙ. මේ රටේ කිසිදු පුරවැසියෙක් මේක අනුමත කරන්නෙ නැහැ.

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කෙරෙමින් පවතිනව. ආණ්ඩුව විවිධ චන්ඩිපාට් දමමින් වේදිකාවල කියනව අපි ඒවට බය නැහැ කියල. බටහිර හෝ අධිරාජ්‍යවාදී මැදිහත් වීම් නතර කරන්නනම් නැවත බෙදුම්වාදී මතයන් පෝෂණය වෙන එක නවත්වන්න නම් වහාම ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. රටේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමයි.

සරත් ෆොන්සේකා මහතා ඇතුළු මේ රටේ සෑම සියළු දේශපාලන පුරවැසියෙක්ගේම දේශපාලන අයිතිය තහවුරු කරනවනම් අධිරාජ්‍යවාදි මැදිහත්වීම් අපිට එරෙහිව එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නැවත බෙදුම්වාදී මතයන් පෝෂණය වෙන්නෙත්නැහැ. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනව.

ඒ වගේම එම් ‍රටේ සියළු පුරවැසියන්ට අපි ආරාධනා කරනව රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කිරීම වෙනුවෙන් සහ සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පෙබරවාරි 8 වැනිදට ‍අළුත් කඩේ උසාවිය ලගට ඇවිත් විරෝධය දක්වන්න කියල. යනුවෙනි.

එහිදී අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය.
“තම සැමියා හෝ තමා හෝ පවුලේ වෙනත් අයකු හෝ කිසිදු ලෙසකින් සමාව ඉල්ලන්නේ නැහැ. ඇත්තෙන්ම කොන්දේසි මාලාවකත් දෙපැත්තෙන්ම තියෙනවා. ඉතින් ඒ සදහා සාකච්ඡා කිරිමේ ධනාත්මක ස්වරූපයකුත් තියෙනවා. ඒක ජනතාවට නොබෝ දිනකින්ම දැනගන්න ලැබේවි. ඇතුලත වෙන සාකච්ඡාවල් ගැන මං හිතන්නේ ප්‍රසිද්ධව කතා කරන එක සුදුසු නැහැයි කියන එක මං හිතන්නේ”

No comments:

Post a Comment