Tuesday, February 7, 2012

IMF බලපෑම් හමුවේ රුපියල පාවේ

lankahotnews.org
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සත 20කින් පමණ පහළ ගොස් ඇත.
ලංකාවට පැමිණි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටියේ  ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල තත්වයක් කරා ගමන් නොකිරීමටනම් රුපියලේ අගය පහත දැමිය යුතු බවයි.
ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය සිකුරාදා පැවසූයේද ‍ශ්‍රී ලංකාවේ වෙළද පරතරය 38.8කින් ඉහල ගොස් ඇති බවයි. මේ අනුව වෙළද පරතරය ඩොලර් බිලියන 1.1 දක්වා ඉහල ගොස් පසුගිය නොවැම්බරයට සාපේක්ෂව විදේශ සංචිත ප්‍රමාණයද විශාල ලෙස පහල බැස ඇති බවයි .

රජයේ අසීමිත ණය ගැනීම හා අනවශ්‍ය වියදම් මීට හේතු බවත් අර්බුදය පියවීමට ඩොලර් විකිණීම කල ආණ්ඩුව විදේශ සංචිත විශාල වශයෙන් අඩුකර ගත්තා. දැන් මෙය විෂම චක්‍රයක් වී ඇති අතර ණය ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යැපීමට සිදුවන්නේ මේ නිසායි. මේ අනුව සැප්තැම්බර් මාසයේ සිටම IMF ණය මුදල් තාවකාලිකව අත්හිටවූවා. දිගින් දිගටම රුපියල පාකිරීමේ උවමනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් රජයට බලකර සිටියා.

මේ අතර පසුගිය සිකුරාදා සිට මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 50කින් වැඩි කිරිමට තීරණය කිරිමත් සමග මෙ වන විට අන්තර් බැංකු මුදල් වෙළඳපොලේ පොලී අනුපාතය ඉහළ ගොස් ඇත‍. ඒ අනුව එක්දින ණය සදහාවන පොලිය 9.56 සිට 9.66 දක්වා ඉහළ ගොස්ය. මේ අතර බැඳුම්කර වෙළදපොලේ පොලී අනුපාතය ද ඉහළයාමක් වේ.


No comments:

Post a Comment