Tuesday, February 7, 2012

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු යෝජනා ගැන සාකච්ජාවට G.L. පීරිස්

lankahotnews.org
 ඉදිරි සති දෙක ඇතුළත ඇමෙරිකාවට පැමිණෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ආරාධනා කර ඇති බවද ඇමෙරිකානු තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි.


ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය (ලබන 27දා ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතය) වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය මූලික කරගනිමින් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙසේ ආරාධනා කර ඇත.

ඉදිරි සතිය තුළ ඇමෙරිකාවට පැමිණ මෙම කරුණු පිළිබඳව අවසන් වශයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරන ලෙසට හිලරි ක්ලින්ටන් මහත්මිය කළ ආරාධනාව, ජී.එල්. පීරිස් මහතා විසින් මේ වන විට පිළිගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment