Tuesday, February 7, 2012

‘දැයට කිරුළ’ එල්ලුම් ගස ගැන ජනතා මතය විමසන වේදිකාවක්

lankahotnews.org
 එල්ලුම් ගස යළි කි‍්‍රයාත්මක කිරීම සමාජයේ දැනට පවතින බිහිසුණු අපරාධ රැල්ල මර්ධනය කිරීම හේතුවක් විය හැකිද යන්න පිළිබඳ ජනතා මතය විමසන සමීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඇත.

‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති බන්ධනාගාර ප‍්‍රදර්ශන කුටියේදී එම සමීක්‍ෂණය සිදු කෙරෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.


ඒ අනුව ජනතා මතය ප‍්‍රකාශ කිරීම සඳහා ඊට අදාළ පත්‍රිකාවක් ප්‍රදර්ශන කුටියේ දී පිරවීමට එහි පැමිණෙන නරඹන්නන්ට ලබා දීම සිදු කෙරේ.

දැයට කිරුළ ප‍්‍රදර්ශණය නිමා වීමෙන් වීමෙන් පසු එම ජනතා සමීක්‍ෂණයේ තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දීමට ද නියමිත බව අමාත්‍යාංශය  පවසා ඇත.

No comments:

Post a Comment