Tuesday, February 7, 2012

ජාතික ප්‍රශ්ණයේදී සිදුවූ වැරදි වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ සමාව ගනී?


lankahotnews.org
 අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත පරිශ්‍රයේ දී පැවැති 64වන නිදහස් දින සමරු උළෙල අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ ජාතික ප්‍රශ්ණයට සියලු දෙනා වගකිව යුතු බව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙන් කරුණු හෙළි කර ඇති බවත් එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව රජය දැනටමත් ක්‍රියාත්මක වෙමින්
පවතින බවත්ය.

ජනාධිපතිතුමා උත්සවය අමතමින් තවදුරටත් කියා සිටියේ විදෙස් රටවල සිටින ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් කුමන්ත්‍රණ කරමින් සිටින බවත් අප රටේ සිටින ඇතැම් පිරිස් ඔවුන්ට අනුබල දෙමින් සිටින බවත්ය. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ස්ථිර සාමයත් ජාතීන් අතර සමගියත් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා, එය එක් පුද්ගලයෙකුගේ කාර්යභාරයක් නොවන බවත් සියලු දෙනාගේ වගකීමක්වන බවත් ය.

"උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවට අනුව නිදහසෙන් අනතුරුව ගතවූ දශක ගනනාව ඇතුලත තමන්ගේ ක්‍රියා කළාපයන් පිළිබ්දව සිංහල දෙමළ දේශපාලකයින් හා නායකයින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතු බව සදහන් වුනා "  මෙම අදහස තවත් පෝෂණය කල ජනාධිපතිතුමා.

ජාතික ප්‍රශ්ණයට සියලු දෙනා වගකිව යුතු බව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙන් කරුණු හෙළි කර ඇති බවත් එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව රජය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දීර්ඝ කාලයක් මුළුල්ලේ සර්ව ජන ඡන්ද බලය ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත්, ආණ්ඩු පත්කිරීමට මෙන්ම ආණ්ඩු පෙරලීමට ඇති සර්ව ජන ඡන්ද බල අයිතිය ආරක්‍ෂා කිරීමට කැපවී ක්‍රියාකරනු ලබන බවද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මේ අනුව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත උක්ත දේ එනම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට ජනාධිපතිතුමා ආදර්ශයක් විය හැකි බවත් මෙම කොමිසමේ ඇති සාධනිය කරුණු ඉටුකිරීමේලා සාර්ථක ප්‍රවේශයකට ජනාධිපතිතුමා පිවිස ඇති බවයි විද්වත් මතය.

No comments:

Post a Comment