Friday, February 3, 2012

තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා කොඩිය පාගා දමයි

lankahotnews.org
ශ්‍රී ලජකාවේ 64වන නිදහස් උළෙල වෙනුවෙන් තමිල්නාඩුවේ ප්‍රදර්ශණය කල, ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමට නොදී භාදා කොට ඇත.
තමිල්නාඩුවේ සංවිධානාත්මක පිරිසක් ශ්‍රී ලංකා ජාතික කොඩිය බිම දමා පාගා සෙරෙප්පු වලින් සටහන් දැමීමට තරම් සාහසික වෛරයක්
ප්‍රදර්ශණය කොට ඇත. තමිල්නාඩු පොලීසිය මෙම ප්‍රකෝප පිරිස පාලනය කිරීමට සමත්ව ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තමිල්නාඩු සමූපාකාර වෙළෙදසැල්වල අලෙවි කිරීම තහනම් කර තිබේ. තමිල්නාඩු නගර සමූපකාර සංගමය මගින් ශ්‍රී ලංකාවේ නිෂිපාදිත භාණ්ඩ අලෙවි නොකරන ලෙසත් අලෙවිය සදහා තබා අඇති සියලු භාණ්ඩ ඉවත් කරන ලෙසත් එරට වෙළෙදසැල්වලට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රතික්ෂේප කරමු නමින් ගොඩනගාගෙන සිටින සංවිධානයක් කරන ලද ඉල්ලීමකට අනුව තමිල්නාඩු නගර‍ සමූපකාර සංගමයේ ප්‍රධානී ශාන්ති සරවනන් විසින් මෙම නියෝග පනවා ඇතැයි තමිල්නාඩු වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රතික්ෂේප කළ යුතු බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ප්‍රාන්ත සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබිණි.

සමූපකාර සංගමය දුන් නියමය පරිදි තමිල්නාඩුවේ සමූපකාර සමිතිවල අලෙවිය සදහා තිබූ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බිස්කට්, චොක්ලට්  හා ඖෂධ වර්ග ඉවත් කර ඇති බවත් එම වාර්තා වාඩිදුරටත් සදහන් කරයි.

No comments:

Post a Comment