Wednesday, February 15, 2012

වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු ජවිපෙ සටන් කරනවා


lankahotnews.org
ආණ්ඩුවේ බාධාකිරීම් ඉදිරියේ තෙල් මිල වැඩි කිරීම සහ මීගමු ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින්  අද ජවිපෙ විසින් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ සිට අරඹන ලද උද්ඝෝෂණ පාගමන සදහා විශාල ජනතාවක් එකවී සිටි අතර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර
නිසා ගමනට නැවත භාදා වූ අතර
විසිරී ගිය පිරිස් මාලිගාවත්ත මහල් නිවාස පැත්තේ සිට පොලිසියට ගල්මුල් ගසන්නට වූහ. පොලිසිය බැටන් ප්‍රහාරයක්ද එල්ල කෙළේය.
කඳුළුගෑස් ජල හා බැටන් ප‍්‍රහාරවලින් පසුව විසිරී ගොස් යළි එක් රැස්වූ ජවිපෙය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පාරක රැස්වීමක් පැවැත්වීය. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුයේ පොලිස් මර්දනයෙන් තම උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි. වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු සටන් කරන බවද ඔහු කීවේය.

No comments:

Post a Comment