Wednesday, February 15, 2012

ආණ්ඩුව ඉන්ධන හා විදුලිය මිල ගලපා විදුලි බිල වහා ඉහල දමයි


lankahotnews.org
ඉහළ දැමූ ඉන්ධන මිලට සැලකිල්ලට ගනිමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට තීරණය කළ බව රජයේ මාධ්‍ය පවසයි. ඒ අනුව ගෘහස්ත විදුලි පාරිභෝගික අංශයේ මසකට කිලෝවොට් ඒකක 0 සිට 30 දක්වා ඒකක සඳහා සියයට 25කින් ද කිලෝවොට් ඒකක 31 සිට 60 දක්වා සියයට 35කින් සහ කිලෝවොට් ඒකක 60ට වැඩි සෑම ඒකකයක් සඳහාම සියයට 40කින් ද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කෙරේ.


මේ අනුව මාසික පරිභෝජනය කිලෝවොට් පැය 30ක් සඳහා රුපියල් 22. 50ක් ද, කිලෝවොට් පැය 60ක් සඳහා රුපියල් 80. 85ක් ද, කිලෝවොට් පැය 90ක් සඳහා රුපියල් 182. 40ක් ද කිලෝවොට් පැය 120ක් සඳහා රුපියල් 434. 40ක් ඉන්ධන ගැලපුම් ගාස්තුව ලෙස එක් වනු ඇත.

කෙසේ නමුත් ලෝක වෙළෙඳපලෙහි ඉන්ධන මිළ ගණන් වැඩිවන මොහොතකදී මෙම ගැලපුම් ගාස්තු නැවත සංශෝදනය වනබව රජය කියයි.

No comments:

Post a Comment