Wednesday, February 15, 2012

හලාවත විරෝධතා දරුණු අතට-පුද්ගලයෙක් වෙඩිතබා මරාදමයි


lankahotnews.org
ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරත වෙමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක නිරත විය. ආණ්ඩුවේ සහනාධාර ප්‍රතික්‍ෂේප කල මෙම පිරිස් ඉල්ලා සිටියේ ඉන්ධන මිල පහත හෙලන ලෙසයි. මෙම පිරිස් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක්
සිදුව ඇති අතර පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හලාවත රෝහල් ආරංචි මාර්ග පවසයි.  තුවාල ලැබූ කිහිපදෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ වෙඩිතැබීමක් සිදුව නැති බවයි.

හලාවත නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතත් ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් යුද හමුදාව විසින් මෙතෙක් සිදුනොකළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා ප්‍රකාශ කලේය.

No comments:

Post a Comment