Wednesday, February 15, 2012

ධීවර ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වූ ජවිපෙ හිටපු මන්ත්‍රීට ආණ්ඩුවෙන් මැර ප්‍රහාර


lankahotnews.org
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් ඊයේ (14) පෙරවරු 8.00 ට පමණ කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කරතිබූ ධීවර උද්ඝෝෂණයට 500කට අධීක පොලිස් කණ්ඩායමක් සහ මැර පිරිසක් සමග කඩා වැදුනු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී. වී. උපුල් අතුළු පිරිසක්‌ විසින් උද්ඝෝෂණයට සහභාගීවූ ධීවර ජනතාව බිවද්දා එය කඩාකප්පල් කිරීමට
උත්සාහ කරන ලදී. එහිදී පළාත් ඇමතිවරයා අශෝභනලෙස හැරී ඇත. කෙසේ වෙතත් ධීවරයින් තම උද්ඝෝෂණයට ගෙනා සටන් පාඨ පුවරු ප්‍රධර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී ඇත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතාට දකුණු පළාත් ධීවර අමාත්‍ය.ඩී. වී. උපුල් මහතා විසින් පහර දීමක් සිදු කර ඇතැයිද වාර්තා වේ. මෙම පහර දීමට එරෙහිව සටනක්ද එහි සිදුවී ඇත.

මෙම සිද්ධීය පිළිබදව ඊයේ සවස එම ධීවර සමිති සම්මේලනය ගාල්ලේදී පැවැත්වූ ජනමාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ එම සම්මෙලනයේ මෙහෙයුම් කමිටු සාමාජිකයන් පැවසූයේ ඩීසල් මිල ඉහල දැමීමෙන් බස් හිමියන්ට සිදුවන පාඩුව පියවීමට බස් ගාස්තු ඉහළදැමුවා සේ කැකිල්ලේ තීන්දුවක් ධීවර ජනයා අපේක්ෂා නොකරන බවයි. තමන් අවධාරණය කරන්නේ වැඩිකල ඩීසල් සහ භූමිතෙල් මිල පහත හෙලන ලෙස බවද එය ක්‍රියාත්මක නොකර ලබාදෙන බොරු විසදුම් වලට එකග නොවන බවද පැවසීය.

මේ අතර කුඩා වැ‍ල්ලේ පැවති ධීවර උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට උත්සාහ පිළීබචදව ආණ්ඩුවට චෝදනා කළේය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මෙසේ පැවැසීය.

''ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ඊට විරෝධය පළකිරීමට ඊයේ (14) උදේ කුඩාවැල්ල ධීවර වරායේ ධීවර උද්ඝෝෂණයක්‌ සංවිධානය කොට තිබුණා. එම අවස්‌ථාවට අනවසරයෙන් කඩාවැදුනු දකුණු පළාත් ධීවර ඇමැතිවරයා පහත් ආකාරයෙන් හැසිරෙමින් ධීවර ජනතාවට සහන ලබා දෙනවා යෑයි පොරොන්දු දෙමින් උද්ඝෝෂණයට සහභාගිවීමට පැමිණි ධීවර ජනතාවට තර්ජනය කරමින් අශෝභන විදිහට හැසිරුණා.''

''මෙම ඇමැතිවරයාගේ හැසිරීම ඇමැතිවරයකුට සුදුසු නොවන තරම්. ආණ්‌ඩුව ඇතිකර ඇති අර්බුද වහන්න භාවිතාවට නඟන මෙවැනි ක්‍රියාමාර්ග කුඩාවැල්ල ප්‍රදේශයේ මුළු මහත් ජනතාවට ප්‍රදර්ශනය වුණා. මේ තත්ත්වය අපි මුළුමනින්ම හෙළා දකිනවා.''

No comments:

Post a Comment