Monday, February 13, 2012

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජවිපෙ වීදි බසී

lankahotnews.org
මෙයට අමතරව අද දින රටපුරා තෙල් මිල අඩු කරනු යනුවෙන් පෝසටරයක්ද අලවා තිබෙනු දැක ගත හැකි විය.
මේක සමස්ත ආර්ථිකයටම දරාගන්න අමාරු තත්ත්වයක්. දැඩි අර්බුදයකට මුහුණ දීමට හේතු වන තත්වයක්. මේ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ආවරණය කර ගැනීමට තෙල් මිල ඉහළ දැමීම වහාම නතර කරන ලෙස. ඒ සඳහා බල කිරීමට රට පුරා විවිධ ප‍්‍රදේශවල අපි උද්ඝෝෂණ පවත්වනවා. අනුරාධපුර, මාතර සහ කොළඹදී සවස 4.00ට (13) දිනයේදීද තවත් බොහෝ ප්‍රදේශයන් ප්‍රමාණයක 14දිනද උද්ඝෝෂණ පවත්වන බවද උද්ඝෝෂණ පවත්වනවා ජවිපෙ කියා සිටී.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැයට කිරුළ සංදර්ශන පවත්වමින් ජනාධිපතිවරයා ඇතුලූ මැති ඇමතිවරුන් රට සවාරි සදහා මහජන මුදල් වැය කරමින් නාස්තිය සහ දූෂණයට ඔටුනු පලදවා ඛනිජ තෙල් මිල විශාල වැඩිකරමින් ආණ්ඩුවේ වියදම් පියවාගැනීමට දරන ප්‍රයත්නය දැඩි විරෝධය පලකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා 12 ‍කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මෙම අවස්ථාවට ජ.වි.පෙ මධ්‍යම කාරක සභික,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගි විය. එහිදී ඔවුන් මෙසේද සඳහන් කළේය.

අපේ රටේ ඉතිහාසයේ ඉන්ධන මිල මේ තරම් විශාල ගණනකින් වැඩිකළ පළමු අවස්ථාව මෙයයි. පසුගිය කාලයේ ආණ්ඩුව බොරු සැණකෙළි පවත්වමින් නාස්කාර වියදම් විශාල වශයෙන් දරමින් වංචා දූෂණවලට ඉඩකඩ සලසමින් මහජන මුදල් ගසා කෑමට ඉඩ සලස්වා රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමේ උපක‍්‍රමයක් ලෙස දිගින් දිගටම ජනතාව පීඩනයට පත්කරමින් සිටිනවා.

තෙල් මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට විශාල වශයෙන් වැඩිකළේ මේ වගේ පසුබිමකයි.තෙල් සංස්ථාව පැත්තෙන් සලකා බැලූව හොත් හෙජින් ගිවිසුම අත්සන් කිරීම හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුකළා. මුළු කැබිනට් මණ්ඩලයේම අනුමැතිය ඇතුවයි හෙජින් ගිවිසුම අත්සන් කළේ. ඒ වගේම ඊට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයේ පවතින නඩු විභාගවලට තවත් විශාල මුදලක් වැය කළා. බාල පෙට‍්‍රල් ආනයනයෙන් සංස්ථාව තවදුරටත් අර්බුදයකට ගොදුරු වුණා.

මිහින් ලංකා වැනි ආණ්ඩුවේ හිතුවක්කාරී ව්‍යාපෘති වගේම එයාර්ලංකා වැනි සමාගම්වලට දේශපාලන මැදිහත්වීමෙන් ලබාදුන් ඉහළ තනතුරු නිසා පාඩු ලබන තත්වයකට පත්වුණා. මිහින් ලංකා, එයාර් ලංකා ඇතුලූ රාජ්‍ය ආයතන 08ක් ඛනිජ තෙල් සංස්ථාවට ණයයි.තවමත් පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනයට රුපියල් කෝටි 2100ක් වැය කර තිබෙනවා. ඒවගේම පසුගිය වසරේ මුල් මාස 06 සඳහා රජයට වාහන ගැනීමේ වියදම රුපියල් කෝටි 1454ක් දරා තිබෙනවා.

ජනාධිපති ආරක්‍ෂක අංශයට කෝටි 27ක වාහන අරන්. මේ සියල්ලම ජනතාව මත බර පටවා දරන නාස්තිකාර වියදම්.මේ තත්වයට රුපියලේ අගය 3%කින් අවප‍්‍රමාණ කිරීම නිසා ඇතිවෙන ආර්ථික ප‍්‍රතිවිපාක එකතු වී ජනතාව මතම තවදුරටත් බර පැටවෙනවා.රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන විදියට ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුකරන්නේ දින 40කට ප‍්‍රමාණවත් තෙල් සංචිත රට සතුව තිබියදී. එයින් අදහස් වෙන්නේ මේ මොහොතේ මිල වැඩිකරන ඉන්ධන තොග ගෙන්වා ඇත්තේ මෙයට දින 40කට පෙර.

ඒ අනුව බලනකොට මේ අවස්ථාවේදී තෙල් මිල වැඩිකිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැහැ. මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ඇතිවේ යැයි සිතන මිල වැඩිවීමක් හේතුවෙන් තෙල් මිල වැඩිකරන බවයි. ඒ වගේම ඊයේ සවස සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් බෙදා හැරීමට නිකුත් කර තිබුණේ නැහැ. එයින් සිදුවන්නේ මිල වැඩිවූ පසු නිකුත් කරන සියලූම තෙල් වල ලාභය ආණ්ඩුවට ලබාගැනීමයි.

මෙකේ තවත් පැත්තක් තියෙනවා. ආණ්ඩුව වගේම ඉන්දියන් ඔයිල් සමාගමත් රුපියල් බිලියන ගණනක අමතර ලාභයක් මේ මිල වැඩිවීමෙන් උපයා ගන්නවා. ඒ ලාභය අපේ රටට ලැබෙන්නෙ නැහැ. ආණ්ඩුව ආශ්චර්යමත් රටක් ගොඩ නගන්නේ ජනතාව මත මේ ලෙස වැඩි වැඩියෙන් බර පැටවීමෙන්. තම බලය පවත්වා ගැනීමට ජන ජීවිතය උකසට තියනවා මෙන්ම දැන් රටේ ආර්ථිකයත් උකස් තැබීමට පටන් අරන්. මගී ප‍්‍රවාහනය ඇතුළු තෝරාගත් ප‍්‍රවාහන කටයුතුවලට සහනාධාර දෙන බව ආණ්ඩුව කියනවා.

නමුත් අපට මතකයි පෙට‍්‍රල් මිල ඉහළ ගිය අවස්ථාවක ත‍්‍රීවිල් සඳහා පෙට‍්‍රල් සහනාධාරයක් ලබාදෙන බවට ආණ්ඩුව කීව කතාව. මේවා පට්ටපල් බොරු පොරොන්දු. කිසි දවසක ඉෂ්ට කරන්න බැරි පොරොන්දු. සහනාධාර දෙනවා නම් බස් රථවලට විතරක් නෙවෙයි ධීවරයාට පාසල් වෑන් රථවලට ත‍්‍රීවිල් රථවලට වගේ මහජන සේවාවන් සපයන වෙනත් ආයතනවලටත් දිය යුතුයි. ඒ වගේම අද විදුලි බලයෙන් විශාල කොටසක්ම උත්පාදනය කරන්නේ තාප බලාගාරවලින්. ඒ අනුව සලකා බලන විට විදුලිය පරිහරණය කරන මුළු රටටමත් සහනාධාර දෙන්න ඕනෑ. මේක කරන්න බැරි ප්‍රෝඩාවක් බව අපි කියන්නේ ඒ නිසයි.

තෙල් මිල වැඩිකිරීමට පෙර පෙට‍්‍රල් ලීටරයකින් ආණ්ඩුව රුපියල් 12ක ලාභයක් ඉපයූවා. සෑම පෙට‍්‍රල් ලීටරයකටම රුපියල් 35ක බද්දක් ආණ්ඩුව පනවා තිබුණා. තෙල් සංස්ථාවේ පාඩුව අවම කර ගැනීමට මේ බද්දෙන් කොටසක් යෙදවෙන්නට හැර ඉතිරිය ආණ්ඩුව ගත්තා. මිල වැඩිකිරීමෙන් පසු පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 20ක වත් ලාභයක් සහ ඞීසල් ලීටරයකින් රුපියල් 10ක අවම ලාභයක් ලබන්න පුළුවන්. ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 25ක පමණ ලාභයක් ලබනවා.

ඞීසල් ලීටරයකින් අවම ශයෙන් අයි. ඕ.සී සමාගම ලබන ලාභය රුපියල් 15ක් පමණ වෙනවා. මේ ලාභය කෙලින්ම ඉන්දියාවට ඇදී යනවා. තවත් පැත්තකින් සලකා බලනවිට තෙල් මිල වැඩිකිරීමෙන් මුළු රටේම නිෂ්පාදන කි‍්‍රයාවලියට බල ශක්තිය සපයන තෙල් සහ විදුලිය විශාල වශයෙන් ඉහළ පිරිවැයක් දරන්න සිදුවෙනවා. කෘෂිකර්මාන්තයටත් වතුර පොම්පයේ සිට අත් ටැක්ටරය, ඇතුලූ කෘෂිකාර්මික උපකරණවලට ඉන්ධන සඳහා දැරිය යුතු වියදම විශාල වශයෙන් ඉහළ යනවා.

. අනුරාධපුර, මාතර සහ කොළඹදී සවස 4.00ට13 දිනයේදීද තවත් බොහෝ ප්‍රදේශයන් ප්‍රමාණයක 14දිනද උද්ඝෝෂණ පවත්වන බවද ප්‍රකාශ කළේය.

1 comment:

  1. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read more
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete