Monday, February 13, 2012

අවසන් දින දැයට කිරුල සෙනග අඩුයි


lankahotnews.org
නුරාධපුරය, ඔයාමඩුවේදී පසුගිය 04 වන දින ආරම්භ වූ 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කොට තිබුණි.

(11) දිනය වන විට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ 25කට අධික පිරිසක් පැමිණි බව සංවිධායක කමිටුව සඳහන් කළේය. ඔයාමඩුවේ අක්කර 400කට ආසන්න භූමි ප්‍රමාණයක ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මේ සඳහා රුපියල් කෝටි 2,100ක මුදලක් වැය කර තිබුණි.
 
2013 වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි මඩකළපුව, ත්‍රිකුණාමලය, අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල පැවැත්වීමට නියමිත බව රජය දැනුම් දුන්නේය.

ඊයේ දිනයේදී දැයට කිරුල නැරඹීමට පැමිණි පිරිසේ සැලකිය අඩුවක් පැවති අතර බොහෝ ප්‍රදේශ වලින්
දැනගන්නට ලැඩුනේ පෙබරවාරි 11 රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල රුපියල් 12 කින් ද, ඩීසල් රුපියල් 31 කින් ද, භූමිතෙල් රුපියල් 35 කින් ද
ඉහළ දැමීමත් සමග බස් රථ පැරණි මිලගනන් යටතේ කුළියට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා පිරිස අඩුවූ බවයි. මීට අමතරව
තෙල් මිල වැඩි කිරීමත් සමග වාහන හිමිකරුවන් අතර මග කුලිය වැඩි කිරීමට නොහැකි නිසා ආරවුල් ඇති කරගත් අවස්ථාද අපට
වාර්ථාවේ.

No comments:

Post a Comment