Thursday, February 9, 2012

ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකයි - කොළඹට මහ සෙනගක්


lankahotnews.org
ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකක් පිරෙන අද දිනයේදී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරන සංකීර්ණයේ සිට වැලිකඩ දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි. මෙම විරෝධතා පාගමන සදහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම කලාකරුවන් ද
එක්වී සිටියහ. අලූත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැති විරෝධතාවයෙන් අනතුරුව අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී්‍ර අනුර කුමාර දිසානායක මහතා ජනමාධ්‍යට පලකළ අදහස් මෙසේය. රාජපක‍ෂ පාලනය අද නීති විරෝධී. ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුවකින් යුතුව කටයුතු කරමින් සිටිනවා. ඒ ඒකාධිපති වියරුවේ ගොදුරක් බවට ජනරාල් සරත් ෆොන්සේකා මහතා පත්ව තිඛෙනවා. අද අපි මෙතනට රැස්ව සිටින්නේ අවුරුදු දෙකක් පුරා ඉතාම අයුක්ති සහගත සහ අසාධාරණ ලෙස සිරගත කර සිටින දේශපාලන සිරකරුවෙකු වන ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමා නිදහස් කරන්නැයි බලකරන්නයි. මහින්ද රාජපක‍ෂ පාලනය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අකුලා දමමින් ඒ වෙනුවට මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය අගයන ගමනක් ඇති කිරීම අවශ්‍ය වී තිඛෙනවා.

තවදුරටත් මර්දනයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී කි්‍රයාමාර්ගවලට ඉඩදිය යුතු නැහැ. මේ රටේ උපදින දරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නිර්මාණය කිරීමේ වගකීම අපි කාටත් තිඛෙනවා. ඒ වගකීම ඉටුකර ගැනීම සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමත් එකට බැඳී තිඛෙනවා. අද වනවිට දේශපාලන සිරකරුවන් රැසක් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිරගත කර සිටිනවා. රටේ ජනතාවගේ හඩට බය වන ආණ්ඩුව අධිකරණය හමුවට ගොස් වාරණ නියෝග ලබාගන්නවා. අද මේ උද්ඝෝෂණයට විරුද්ධව පොලීසිය අධිකරණය හමුවට යවා වාරණයක් ඉල්ලා සිටියා. අධිකරණය ඉතාමත් නිවැරදි තීරණයක් දී තිඛෙනවා.

පෙරේදා රාත්‍රියේ මේ ආසන්නයේ බෝම්බ 09ක් සොයාගෙන ඇතැයි කියමින් රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙන ජනතාව වැලැක්වීමට කි්‍රයාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒ බියගැන්වීමට අවනත නොවී ඒකරාසීවී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයට ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කි්‍රයාමාර්ග වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇත්ත වශයෙන්ම අපේ රටේ පුරවැසියන් ලක්ෂ 200කට එදිනෙදා ආහාර වේල නිදහසේ භුක්ති විඳින්න ලැබුණේ ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමා නිසා බව සිහිපත් විය යුතුයි. කෙළෙහිගුණ දන්නා රටක් හැටියට ජාතියක් හැටියට ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ කොන්දේසි විරහිත නිදහස වෙනුවෙන් දවස් 365ම අරගල කළ යුතු තරමට එතුමාගේ නිදහස අපිට වැදගත් එතුමාට නිදහස ලැඛෙන්න තවත් එඩිතරව මහජනතාව පෙරට ආ යුතුයි. තව තවත් එඩිතර විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී්‍ර අර්ජුන රණතුංග මහතා, මේ රටේ හොරු සහ අපරාධකාරයන් නිදහසේ ඉන්න අතර රටේ සමස්ත ජනතාවට නිදහස ලබාදුන් ජනරල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ ලෙස සිරගත කර සිටිනවා. මේ අසාධාරණයට විරුද්ධව අපි සියලූදෙනාම එකට එක්වී අරගල කළ යුතුයි. කොන්දේසි විරහිතව ජනරල් ෆොන්සේකා මහතා නිදහස් කළ යුතුයි කියලා. අපි ආණ්ඩුවට බලකරනවා.

නව සමසමාජ පක‍සයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා, යුද්ධයට අණදීපු ප්‍රධාන නායකයාත් ෂේප්. එයාගේ ගෝලයාත් ෂේප්. ෆොන්සේකා මහත්තයට විතරක් දඩුවම් කරනවා. මේ සාපරාධී නඩු තීන්දු. උසාවි කීපයකම නඩු දාල තියෙනවා. අපි මෙතනට ඇවිත් මේ අසාධාරණයට විරුද්ධව ජනතාවත් එක්ක විරෝධය පලකරනවා. අද ෆොන්සේකා මහතා හිරගෙදර. අරලියගහ මන්දිරයේ කම්බි වැටේ එල්ලිලා සමාව ඉල්ලනවානම් සමාවක් දෙනවාලූ. හෘදය සාක‍ෂියක් තියෙන නායකයෙක් එහෙම කරන්නේ නැහැ. අද ෆොන්සේකා මහතා විතරක් නෙවෙයි දේශපාලන සිරකරුවෝ දහස් ගණනක් ඉන්නවා. ඒ සියලූ සිරකරුවන් නිදහස් කිරීමට අපි බලකරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා,  ජනරාල් සරත් ෆොන්සේකා මහතා තමයි අපේ ජනාධිපතිතුමා. එතුමා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයට දෙමළ ජනතාවගේ සහභාගිත්වයත් තිඛෙන බව තහවුරු කරන්නයි මනෝ ගනේෂන් මෙතනට ආවේ. එතුමා පොදු අපේක‍ෂකයා හැටියට ජනාධිපතිවරණයේදී ලක‍ස 40කට වැඩි ඡන්ද ගත්තා. ඒ නිසා ඡන්දය දුන්න හැමෝම හිරකරලා. සිංහල දෙමළ මුස්ලිම් හැමෝම කියනවා එතුමා නිදහස් කරන්න කියලා. මේ රටේ නිදහසට බාධා කරන්නේ ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදී ගමනට බාධා කරන්නේ මේ ආණ්ඩුව. යහපාලනයට බාධා කරන්නේ මහින්ද රාජපක‍ෂ පාලනය. කරුණාකරලා ජනරාල්තුමාව නිදහස් කරන්න කියලා අපි කියනවා.

No comments:

Post a Comment