Wednesday, February 29, 2012

හමුදාවට පොලීසියට පෝස්ටර් ගැලවීමේ බලකායන්


පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩඒමට නොහැකි බව දන්නා ආණ්ඩුව තමන්ට එරෙහි ක්‍රියා මාර්ග මර්ධනය කිරීමට පොලීසිය හමුදාව යොදාගෙන ඇත. ඔවුන්ව පොස්ටර් ඉරීමට යෙදවීම ගැන ජනතාවගේ දෝෂදර්ශණයට ලක්ව තිබේ. තෙල් මිල බස්ගාස්තු වහා අඩු කරනු ජවිපෙ පෝස්ටරයක් හමුදාවට අයත් රථයකින් ඉරා දමනු දුටු ජවිපෙ සාමාජිකයන් එය වීඩියෝ කරද්දී රථය ඉවත් කර ගෙන තිබේ. වැඩිකළ තෙල්, විදුලි සහ බඩුමිල අඩුකරන ලෙසත් රු. 3000/- ක දීමනාවක් සේවකයින්ට ගෙවන ලෙසත් ආණ්ඩුවට බලකරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දියත් කොට ඇති දීපව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයේ පෝස්ටර් මුල්ලේරියාව ප‍්‍රදේශයේ අලවමින් සිටි එහි ක‍්‍රියාකාරිකයින් දෙදෙනෙකුට හමුදා භට පිරිසක් CP/LA 7433 අංක දරණ ඞීමෝ බට්ටා ට‍්‍රක් රථයකින් අවුත් තර්ජනය කොට අලවා තිබූ පෝස්ටර් ඉරා දමා ඇති අතර ඉහත ක‍්‍රියාකාරිකයින් දෙදෙනා ලඟ තිබූ පෝස්ටර් තොගයක්ද පැහැරගෙන ගෙස් තිබේ.

No comments:

Post a Comment