Thursday, February 2, 2012

ජනඅරගල කණ්ඩායම පිල්ලෙයාන් සමග එකගතාවය හෙළිදරව් වේ


lankahotnews.org
 දමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී එක්ව සටන් කරන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසා තිබුණි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා සමග ජනඅරගල කණ්ඩාමය රහස් සාකච්ජා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්ථාකලේ
2011 දෙසැම්බර් දෙවන සතිය ආම්භයත් සමගයි. මෙම හමුව සදහා සහභාගීවී ඇත්තේ ජනඅරගල කණ්ඩායමේ සේනාධීර ගුණතිලක මහතායි. මෙහිදී එක්ව සටන් කිරීමේ ගිවිසුමට එලැබ ඇත. නැගෙනහිර බෙදුම්වාදී සන්නද්ධ අරගල පැවති සමයේත් ඉන් අනතුරැ ඉඩම් බහුජාතික සමාගම් වලට විකණීමේ රජයේ ප්‍රතිපත්තියත් නිසා ඉඩම් අහිමිවූ ජනතාවගේ සංවේදී ගැටළු පදනම්ව පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත් අතර එය ඒකමතිකව සම්මත වීමේදී විරුද්ධ පක්ෂ මන්ත්‍රී විමල් මහතාද මීට දායක වී ඇත.
මෙම පනතට මුලදී පුද්ගලිකව අකමැත්තක් දැක්වූ විමල් මහතා ජනඅරගල කණ්ඩායමේ බලපෑම මත මෙම තීරණයට එලැබි බවයි ආරංචි වන්නේ. මෙසේ පිල්ලෙයාන් සමග ඇතිකරගත් එකගතාවයන්ද ක්‍රියාත්මක කරන ජනඅරගල කණ්ඩාම සමාජයට ඉදිරිපත් කරන මතය හා භාවිතාව තුල ඇති පරස්පරය හෙළිදරවි වන බවයි මාධ්‍ය ආරංචි මාර්ග පවසන්නේ.

No comments:

Post a Comment