Thursday, February 2, 2012

උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් හෑල්ලූ කරනවා


lankahotnews.org
 රාජ්‍ය සේවය තුල දැනට සිටින ආශ‍්‍රිත සේවා උපාධිධාරීන් සඳහා ‘ශ‍්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව’’ නමින් සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ඇති බවට ආණ්ඩුවේ ඇමතිවරු හා රජයේ ඇතැම් නිලධාරීන් බොරු හා වංචනික ප‍්‍රකාශ නිකුත් කරන බවත් මෙම ප්‍රෝඩාව හරහා නොමග නොයන ලෙසත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් රැුකියාලාභී උපාධිධාරීන්ගේ
සංගමය නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මෙම තත්වය මත උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් හෑල්ලූ කරමින් තිබෙන බවත් ඔවුන්ගේ වෘත්තීය අනාගතයද දුර්වල කරමින් තිබෙන බවත් එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම තත්වය පරාජය කිරීම සඳහා සමස්ත රාජ්‍ය සේවයේ ඵභ - 04 - 2006 ් වැටුප් කාණ්ඩයට අයත් සියළු උපාධිධාරීන් ඒකරාශී විය යුතුය. එමෙන්ම උපාධිධාරීන්ට එරෙහිව දියත් වන කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුය. යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

ප‍්‍රශ්ණය විසඳීමට ආණ්ඩුව බොරු ප‍්‍රචාර නවතා අදාල ක‍්‍රියාමාර්ග නොගන්නේ නම් සමස්ත රාජ්‍ය සේවයේම උපාධිධාරීන් ලෙස ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බවද අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටින බව රැුකියාලාභී උපාධිධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියාරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment