Thursday, June 28, 2012

නුවරඑළිය ගුවන්තොටුපළ කඩිනම් කිරීමට ජනපති බලපෑම්


නුවරඑළිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත අභ්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

යෝජිත නුවරඑළිය ගුවන් තොටුපළ පිළිබඳ අරලියගහ මන්දිරයේ අද(28) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

සංචාරක
යින් වැඩි වශයෙන් ගැවසෙන නුවරඑළිය ප්‍රදේශයට ගුවන් තොටුපළක් ලබා දීම මඟින් මෙරට සංචාරක කර්මාන්තය නව ප්‍රවේශයක් කරා ගමන් කරනු ඇති බව එහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම වසර අවසන් වීමට ප්‍රථම අදාළ ගුවන් තොටුපළේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා එහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment