Wednesday, June 27, 2012

හොරෙන් විදුලිය කැපීම අරඹයි


ල විදුලි බලාගාර ආශිත ප්‍රදේශ වලට වැසි නොලැබීම හමුවේ ජල විදුලි උත්පාදනය විශාල ලෙස අඩුවී තිබෙද්දී විවිධ ප්ර‍දේශවල විදුලිය බිඳ වැටීම් වාර්තාවන අතර මෙය නොදන්වා විදුලිය කැපීමකැයි අදාළ ප්රලදේශයන්හි වැසියෝ චෝදනා කරති.  පසුගිය දින කිහිපයේම ප්‍රදේශ කිහිපයකම විදුලි බලය බිඳ වැටී තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාව විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කළවිට පවසා තිබෙන්නේ හදිසි බිඳ වැටීමක් නිසා විදුලි බලය විසන්ධි කර තිබෙන බවයි.

කෙසේවෙතත්, විදුලි බල අමාත්‍යංශය හෝ විදුලි බල මණ්ඩලය විදුලිය කප්පාදු කරන බවට නිළ වශයෙන් දැනුම් දීමක් කර නොමැති නිසා මෙවැනි විදුලිය බිඳ වැටීම් වලින් ජනතාව පීඩනයට පත්වන අතර ජල විදුලි උත්පාදනය පහළ බැස තිබීම නිසා මෙය
නොදන්වා විදුලිය කප්පාදු කිරීමකැයි සැකයට තුඩු දේ.
ජල විදුලි බලාගාර ආශිත ප්‍රදේශ වලට වැසි නොලැබීමෙන් තාප බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව තිබීමෙන් දිනකට රුපියල් කෝටි 15ක අලාභයක් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුව ඇතැයි අමාත්යන පාඨලී චම්පික රණවක පවසා තිබේ.
මේ වන විට විදුලිබල පද්ධතියට එක් කරන්නේ තාප බලාගාරවලින් ජනනය කරන විදුලිය වන බවත් තවත් මාසයක් වැසි නොලැබුණහොත් විදුලිබල පද්ධතිය පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා අනතුරු අඟවයි.
ඒ හේතුවෙන් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස අමාත්යය පාඨලී චම්පික රණවක මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ නොදන්වා විදුලිය කැපීම විදුලිබල පද්දතිය පාලනය කිරීමේ නොහැකියාවදැයි ජනතාව තුල සැකයක් පවතී.

No comments:

Post a Comment