
අද එස්.බී
දිසානායක මහතා සරසවි සිසුවියක් ලියුවායැයි කියමින් සරසවි සංස්කෘතියට නොගැලපෙන
විකෘති ලිංගික හැසිරීම් සහිත ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට ඇත. මෙම ලිපිය කියවා බැලීමේදී
පෙනී යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළා පිඨයේ
අතවරයට ලක්වූ එම සිසුවිය විසින් ලිපිය ලියා ඇත්තේ අප්‍රේල් මස 19 වනදා බවයි. නමුත්
පුදුමය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2012 මාර්තු
මස 16 වනදා එම
ලිපියට මුද්‍රා තබා තිබීමයි. එසේනම් එම සිසුවිය ලිපිය ලිවීමටත් පෙර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් එම ලිපියට මුද්‍රා තබා ඇත. මේ ලිපිය පිළිබද සැකය වැඩි වන්නේ එයත් සමගයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ
ශිෂ්‍යාවකට එහි ජ්‍යෙෂ්ඨ සිසුන්
පිරිසක්
විසින් අතවර කරන ලදැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙත ලැබී ඇති නිර්නාමික
පැමිණිල්ලේ සඳහන් අතවර කරුණු මෙසේය.
"එක් දිනක් සීනියර් අයියලා පිරිසක් පැමින කොළඹ විශ්වවිද්‍යාලයේ
කලා අංශයේ තිබෙන තරමක් අඳුරු විශාල ශාලාවක් තුළට
අපි ගැහැණු ළමයි ටික එක්කන් ගියා.
ඔවුන් අප
එකිනෙකා අතර පැදුර බැගින් ලබාදී බිම එලපන් යැයි කිව්වා. අපි එවිට පැදුරු බිම එලුවා.
ඉන්පසු අයියලා එක පැදුරක එක්කෙනා බැගින් කමිස
හා කලිසම් කලිසම් ගලවා හාන්සි වුණා.
ඉන්පසුව අපිට
එලූ පැදුරේ හාන්සිවී සිටින අයියලා ලඟින් හාන්සි වෙලා එයාලගේ පපුව උඩින් අත තියන්න කිව්වා.
එයලගේ කකුලකට උඩින් අපේ කකුලක් දාන්න කියලා
කිව්වා. ඉන්පසු ඇඟිළි තුඩු වලින්
එයාලගේ පපුව
පිරිමදිමින් එයාලගේ උරහිසට හිස තියාගන ඉන්න කිව්වා. ටික වේලාවකින් අයියලා පැත්තකට හැරී එක කකුලක් අපේ කකුල උඩින්
තිබ්බා. ඒ අතර මාගේ පැදුරේ සිටි අයියා මගේ පපුව
තදින් ස්පර්ශ කරමින් මාව සිපගනිමින් මා
ලවා ඔවුන්ගේ
ඇතැම් දේවල් ස්පර්ෂ කරමින් ඔවුන්ගේ බොහෝ ආශාවල් ඉටුකරගත්තා.
ඔවුන් කියන
දේ නොකරන අයට අහන් ඉන්න බැරි කුණුහරප කියා බැන වැදිනා. මම හොස්ටල් එකට ගිහින් පැය
තුනක් විතර මුහුණ හංගාගන හැඬුවා"
මේවන විට
විශ්වවිද්‍යල සිසුන් හා පරිපාලනය මේ පිළිබදව දැඩි කෝපයට පත්ව ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ
ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිදු වූ බව කියන අතවර සිද්ධිය අමුලික
බොරුවක් යයි එහි උපකුලපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසා සිටී.
පුවත්පත් සාකච්චාවකදී අදහස් පළකොට තිබු ඈ ප්‍රකාශකර
තිබුනේ මෙවැනි අපරාධයක් සිදු වූ
බව තමා
කොහෙත්ම පිළිගන්නේ නැති බවත් මෙම සිද්ධිය විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා උත්සාහ දරන
පිරිසකගේ කුමන්ත‍්‍රණයක් විය හැකි බවත්ය.
එස්.බී.
දිසානායක මහතාගේ ස්වභාවය අනුව විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබද අවබෝධයක් සහිත
කෙනෙක් ලෙස මෙවැනි ලිපියක් පළමු කියවීමේදීම ප්‍රතික්ෂේප කල යුතුව තිබුණද එය එසේ
නොවීමත් ඔහුගේ අතීත ක්‍රියාකාරකම් අනුවත් දැඩි විකෘති ලිංගික පීඩනයකින් පසුවන
කෙනෙක් ලෙස හදුනාගත යුතුව ඇතැයි කිහිප දෙනෙක්ම ප්‍රකාශ කොට තිබේ.
No comments:
Post a Comment